*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

කහ සහ වහ

රටකට තවත් රටක මිනිස්සු පය තබන්නට අකමැති ඒ රටේ තමන්ගේ ජීවිත අනතුරකට පත් වේය යන සැකය ඇත්නම් පමණි.ඒ තත්ත්වය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බල පෑ ඉතිහාසයක් තිබිණ.ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පැවති යුද තත්ත්වය නිසා එන්නට බැහැයි කී අවස්ථා තිබිණි.96 දී ලෝක කුසලානය අප ජය ගනිද්දීත් ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට නොපැමිණියහ.

නමුත් මේ මොහොතේ අප ඉදිරියේ පරාජය වන්නේ ඒ කිසිවක් නිසා මෙරටට පැමිණීමට බැහැ කියූ ඕස්ට්‍රේලියාව නොවේය.පාලකයන් රට හිඟමනයට ඇඳ දැමූ මොහොතේ මෙ’රටට හිඟමන් අරගෙන ආ ඕස්ට්‍රේලියානුවන්ය.ඔවුන්ට ස්තූතියි කීම අපේ යුතුකමය.නමුත් මේ රටට පැමිණෙන්න ප්‍රතික්ෂේප කරන්න ඔවුන්ට ගැටළුවක් වෙන හේතුවක් නොතිබිණ.කිසිවෙක්ට මේ රට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇති කළේ පාලකයන්ය.

විදුලිය බිඳ වැටෙන,ආහාර පිසින්නට ගෑස් නොමැති,වාහනවලට ඉන්ධන නොමැති,ආහාර හිඟයක් සහිත සහ ආහාර මිල වැඩි,දෛනික පරිභෝජනයටවත් ඉෂ්ඨ කරගන්න බැරි අසරණ රටක් බවට මේ රට පත් වූවා මිස සහ ඊට එරෙහිව ජනතාව නැඟී සිටියා විනා සිවිල් අයිතීන් නොසළකා හරින ලද,ප්‍රචණ්ඩත්වය ඉහ වහා ගිය රටක් බවට මේ රට පත් වී තිබුණේ නැත.ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක ටොඩ් ග්‍රීන්බර්ග් කණ්ඩායම මෙරටට පැමිණීමට පෙරම ලංකාවේ මිනිසුන් පෝලිම්වල ගත කරන දුංඛිත තත්ත්වය ක්‍රීඩකයින් දන්නා බව කීවේය.රජයට එරෙහිව මිනිසුන් අරගල කරන බව කීවේය.ඒ තත්ත්වයන්ට හේතුව මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික බිඳ වැටීමට මුහුණ දී සිටීම බව ද ඔවුන් දැන සිටින බව කීවේය.

ඉතිං ටොඩ් ග්‍රීන්බර්ග් දැන සිටි කාරණාවලට අනුවනම් ක්‍රීඩා පිටියට කළු ඇඳගෙන පැමිණ පාලකයන් විසින් රටේ ජනතාව ඇඳ දමා තිබෙන තත්ත්වයට විරෝධය දැක්වීම තරගාවලිය නවතා පලා යන්නට හේතුවක් නොවේය.ගෝ ගෝඨා කීම ද ඔවුන්ට අදාළ නැත.නමුත් මෙරට ආරක්ෂක අංශ එවැනි දර්ශන නවත්තවන්නට ආණ්ඩුව වෙනුවෙන් සෑහෙන මහන්සියක් දරද්දී,ඔවුන් පිටිය මැද සිටින ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමේ දී පිළිපැඳිය යුතු දේ මඟ හැරිණි.පල්ලෙකැලේ දී ක්‍රීඩා ලෝලියෙක් පිටිය මැදට පැමිණ කඩුල්ලක් රැගෙන දිව්වේ එබැවින්ය.

කෙසේ හෝ රටේ ජනතාවට තිබූ වේදනාබර අත්දැකීම් අතරට සතුටු වෙන්නට හැකි ජයග්‍රහණයක් ගෙන එන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වීම අගය කළ යුතුය.තෙල් පෝලිම්වල තැවෙන්නට ඉඩ නොතබා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට රටේ සාමාන්‍ය ජීවිතයේ ගැහැට විඳින්නට නොදි අසීරු අවස්ථාවේ අනන්‍යතාවය සුරකමින් ලබා දෙන ආගන්තුක සත්කාරයද අපූරුය.ඒ ගැන ක්‍රිකට් පාළක මණ්ඩලය කළමණාකරණය කළ ආකාරය යහපත්ය.ඔවුන් මේ මොහොතේ රටේ ඩොලර් හිඟයට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට මුදල් ලබා දීම ද අතිශයින් අගය කළ යුතුය.අනේක වූ විවේචන මැද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් උපහාරයක් කරන්නට තිබුණ අවස්ථාව මේ රටේ ජනතාවගේ සංවේදීකම සහ අදේශපාලනික හිතීම යොදා ගෙන ඔස්ට්‍රේලියාව වෙනුවෙන් “කහ ඇඳීමක්” බවට පත් කිරීම ජනතා ප්‍රශ්න ගැන අසංවේදී ආණ්ඩුවේ උවමනාවක්ය.ජාත්‍යන්තරයට පාලකයාග් දුර්වලකම පවසා රටේ ආර්ථික කළමණාකරණයට සහ දේශපාලන ක්‍රියාවලියට අන්තර්ජාතික සහය ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට,ජනමතයට ගරු කරන්නට ආණ්ඩුව පෙළඹවිමේ දේශපාලන ප්‍රකාශනයට තිබුණු ඉඩ අප අසුරා ගත්තේය.

අවසානයේ රටේ ප්‍රශ්නයක් නැති බව කියන්නට මෙරටට පැමිණි ඕස්ට්‍රේලියාවට අප ස්තූති කරමින් ආණ්ඩුවේ පැල්ලම වසා දමන්නට ක්‍රිකට් ප්‍රේමයෙන් ජනතාව කටයුතු කළේය.රටේ දේශපාලන ප්‍රශ්නයක් නැති බවත් රටට ඩොලර් කිහිපයක් ආවොත් ජනතාවට නැඟිටිය හැකි බවත්,එසේ පැමිණෙන ඩොලර් නිසි කළමණාකරණයකින් මෙහෙයවිය හැකි රජයක් අපට තිබෙන බවත් ජනතාව කහ වර්ණයෙන් පවසා ඇත.එය එක්තරා ආකාරයක රටේ සැබෑ තත්ත්වය වසා ඝාතනය කරන වහ පෙවීමකි.

කහ අපේ ජාතික කොඩියට අදාළ වන්නේ කෙසේද?

*කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.

*කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.

*.එක සමාන පළලකින් චු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාච හා අන්‍යෝන්‍ය අචබෝධය පැහැදිලි කරයි.
ඉහත කරුණු කිසිවක් සංඛේතවත් කරන ආකාරයට මේ රටේ ජනතාව මෙහෙයවන පාළක කණ්ඩායමක් අපට නැත.අවසාන කහ පටි සම්බන්ධ ප්‍රකාශය පාලකයා බලයට පැමිණියේම කඩතොළු කරය.ඒ කඩතොළු කිරිම නිසා සිංහයාගේ සහ අසිපතේ ප්‍රකාශය ද ඇද ගැසුණු,පන ගිලිහුණු එකක් බවට පත් වී ඇතඑසකෙහ සම්බන්ධ ප්‍රතාශය වහ පොවා මරා දැමුණු පාලනයක් විසින් රට අසංවිධිත කර,අසමඟිය ඇති කර බිඳ දමා ඇති මොහොතක වෙනත් රටක් වෙනුවෙන් කහ අදින්නට පෙර මෙරට ජනතාවගේ ඇත්ත කියවීම රටේ ජාතික කොඩියෙන් සංඛේතවත් වන කහ වර්ණ ප්‍රකාශනවල ප්‍රතාශය පොළවේ යථාර්තයක් කිරීමය.ඒවා විනාශ කරමින් ඒ විනාශය මත පවත්වාගෙන යන පාලනයට එරෙහි වීමය.

නමුත් අපි යථාර්තයෙන් ඈත් කර ස්තූතියි කියන්න පොළඹවපු කිසිවෙක් මේ කහ ගැන සිතුවේ නැත.අපි අපට කහ වර්ණය අනන්‍යවන ආකාරය හරියට හැඳින සිටියේනම් ඊට හාත්පසින් වෙනස් ආකාරයක ප්‍රකාශයන් කරමින් බලය ඉල්ලූ දේශපාලන කල්ලියකට අප බලය පවරන්නේ නැත.පාලකයාගේ බලය ඉල්ලා සිටියේම සියල්ලට එක ලෙස යුක්තිය ඉටු කරන්නට නොවේය.එක ජාතියක් එක ආගමක් ප්‍රධාන කරගෙනය.රටේ ආගමික සංස්ථාවද ජාතික කොඩියේ ඇති කහ වර්ණයම ඇඳ ඒ වර්ණය ජාතික කොඩියේ තැනින් තැනට යොදා ගන්නා ආකාරයට ධාර්මික වීම යන්න ද ඇතුළත් බව හෝ නොසළකා කටයුතු කළෝය.

අපි කහ ගන්න ගොස් ලෝකයට ප්‍රකාශ කළ යුතු ප්‍රතාශය වහ ගත්තේය.රහට වහ දුන්නත් බොන පිරිසක් බව අපට වඩා වැඩුණු දේශපාලන බුද්ධියක් ඇති සහ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන සමාජයක සාමාජිකයන් වන ඕස්ට්‍රේලියාව නොව ලෝකයම කියවා ගන්න ඇත.නමුත් ඔස්ට්‍රේලියාව පරාජය කිරීම ක්‍රිකට් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකා වාසීන්ට රහ අත්දැකීමක්ය.මලල ක්‍රීඩාවෙන් යුපුන් සහ උෂාන් දුරු රටවල සිට සම්පූර්ණයෙන් පරාජිත අත්දැකීමක ගිලී සිටින මේ රටේ සාමාන්‍ය ජනතාවට ලබා දෙන්නේ ඒ අත්දැකීමය.ඉතාම සුළු පිරිසක් පාලකයන් සමඟ වයින් බොමින් මිනිසුන් කටගැස්මට ගෙන සිටින අතර එසේ වළඳා විසි කරන කටු රොඩු බුදින පිරිස් ඒ වෙනුවෙන් වහ කහ කළේය.ඒ නිසා ක්‍රීඩකයෝ ජයග්‍රහණයෙන් අපට විඳින්නට දුන් රහ හරහා අපි කමින් සිටින වහ ගැන ලෝකයට කියන්නට තිබුණු විශාල ඉඩ අප වසා ගත්තෙමු.කහ ගැන කණගාටුවක් දැනෙන්නේ ඒ නිසාය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan