ඉන්ධන පෝලිමක පිහි ඇනුමක්. සිව්දෙනෙක් රෝහලට !

Date:

වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඊයේ (24) රාත්‍රියේදී ගැටුමක් ඇතිවී ඇති බව වාර්තා වේ.

එහි ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයින් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු විසින් තවත් සිව්දෙනෙකුට පිහියකින් පහරදී ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ එම සිව්දෙනා කඩිනමින් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් බරපතළ තත්වයේ පසුවූ එක් අයෙකු මොණරාගල දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇත.

පිහිපහර එල්ල කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර වැල්ලවාය පොලිසිය විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...