සටහන – රුවන් නෙළුගොල්ල
වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කාණ්ඩීපන් මහතා සහ චාවකච්චේරි නගර සභාවේ උප නගරාධිපති ලෙස කටයුතු කළ ඥානප්රගාසම් කිෂෝර් මහතා එම තනතුරුවලින් ඉවත් කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ අතිවිශෙෂ ගැසට් නිවේදන දෙකක් ද නිකුත් කර ඇත.
ඒ අනුව ඉහත කී දෙදෙනා අදාළ නගරාධිපති, උප නගරාධිපති තනතුරුවලින් මෙන්ම එම නගරසභාවල සභික ධුරවලින් ද ඉවත් කරන බවයි එම ගැසට් නිවේදනවලින් දැක්වෙන්නේ.




