13 න් පහළට වැඩි අවධානයක්

Date:

ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ විධායක සභාවේ වැඩි අවධානයක් අවුරුදු 13 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත යොමු වී තිබෙන බව දැන ගන්නට ඇත.දැනටමත් අවුරුදු 13 න් පහළ සංචිත දිස්ත්‍රික්ක 18 ක ක්‍රියාත්මක වන අතර ඉදිරි දිස්ත්‍රික් හත සඳහාද කඩිනමින් 13න් පහළ සංචිත ඇති කිරීමට අවධානය යොමු වී තිබේ.


සැම පළාත් ඉදව්වකටම අවුරුදු 13 න් පහළ ඉසව්වක් ඇතුළත් කරන්නට යෝජනා වී ඇති අතර එම වයස් සීමාව සඳහා ඇතුළත් වන ක්‍රීඩකයින්ගෙන් ඇතුළත්වීමේ ගාස්තු නොගන්නා ලෙස පළාත් සංගම් දැනුවත් කිරීමට ද ජාතික සංගමයේ අවධානය යොමු වී ඇත.


අවුරුදු 13 න් පහළ සිට පියවරෙන් පියවර දක්ෂයන් හඳුනා ගැනීම,දෙස් විදෙස් විශේෂ පුහුණු වැඩ සටහන් දක්වා ඔවුන්ගේ බැඩ්මින්ටන් ජීවිතය කාලයත් සමඟ ප්‍රවර්ධනය කිරීම මෙන්ම අනාගයේදී ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයාට වෘත්තීයභාවයක් ලබා දීම දක්වා එම කාර්යය වර්ධනය කිරීම බැඩ්මින්ටන් සංගමයේ දිගු කාලීන දැක්ම වන්නේය.ඒ සඳහා පාසල් බැඩ්මින්ටන් සංගමය හරහා ශ්‍රී ලංකා පාසල් සංගමයේ ද සහය ඇතිව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහයද ලබා ගැනීම අපේක්ෂාව වන අතර එය අඛණ්ඪව ක්‍රියාත්මක කිරීමට පත්වන ඕනෑම පරිපාලනයක් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් ඇති කර ගැනීම වැදගත් යෝජනාවකි.සටහන සටහන –


එසේම අවුරුදු 13 න් පහළ දිස්ත්‍රික් සංචිතවල පුහුණුව ලබන්නේ පාසල් සිසුන් පමණක් වීම නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරය ඇතිව ඒ සඳහා පාසල් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රිඩාංගණ නොමිලේ ලබා ගැනීමට අවශ්‍යය ලිඛිත අවසරය ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු වි ඇති අතර එවැනි පහසුකමක් ලැබෙන්නේ නම් ක්‍රීඩා කරන පොළවට ගෙවන මිලෙන් පාසල් ක්‍රීඩකයන්ට ලබා දෙන පහසුකම තව දුරටත් වැඩී කිරීමේ හැකියාව ද ලැබෙනු ඇත.

සටහන- නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම නාමල් ITAK මහලේකම් හමුවූයේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගය...

ඊශ්‍රායලයේදී ඝාතනයට ලක්වූ තරිඳු ශානකගේ දේහය පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : පසුගියදා, ඊශ්‍රායලයේදී ඝාතනයට...

ජාවා දූපතේ නායයෑමක් : 21 ක් අතුරුදහන්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ...

වියත් පුරේ ගෙවල් බෙදා ගත්ත හැටි එළියට. යන්න තැනක් නෑ කියපු මහින්දටත් ගෙයක්!

කොළඹ LNW: වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාස හිටපු මැති ඇමතිවරු...