යුපුන්-අරුණ-කාලිංග සහ නදීශා අද දියගම දී ඔලිම්පික් සටනට පිවිසෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ :

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ එකසිය දෙවැන්නේ ආඩම්බරයේ තටු වැහි දියෙන් හැකිලී ගිය දවසක් හැටියට ආරම්භක දවස ගෙවී ගියා.මේ තරගාවලිය වෙනදට වඩා සුවිශේෂී වෙන හේතු ගොඩක් දකින්න පුළුවන්.ඒ ලංකාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබන්න කිට්ටුව ඉන්න හුඟ දෙනෙක් ඒ සඳහා මේක අවස්ථාවක් කර ගන්න උපරිම උත්සාහයක් ගන්න නිසයි.
ඒ අනුව අද ඔලිම්පික් බලාපොරොත්තු අසළ ගැවසෙමින් සිටින යුපුන් අබේකෝන් මීටර් 100 මූලික තරගවලට සහභාගිවීමට නියමිත අතර ඔහු කලෙකට පසුව ශ්‍රී ලංකාවේදී තරග වැදීම සිඳුවීම වැදගත් කොට සිතිය හැකියි.හෙට යුපුන් මෙහි අවසන් තරගයට තරග වඳින අතර එය බොහෝ විට ශ්‍රී ලංකාවේ මීටර් 100 ඉසව්වක දුටු වේගවත්ම තරගය විය හැකියි.අද යුපුන්ගේ මූලික තරගය පස්වරු 5.10 ට පැවත්වෙන අතර අවසාන තරගය හෙට පෙරවරු 8.15 ට පැවත්වෙනවා ඇත.
එසේම කාලිංග කුමාර සහ අරුණ දර්ශන ආරම්භක දවසේ සිය මූලික තරග ජය ගැනීමෙන් අනතුරුව අද පෙරවරු 8.55 ට අවසන් තරගයට තරග වදිනවා.මූලික තරගවල දක්ෂතා අනුව අරුණ ඉදිරියෙන් සිටින අතර කාලිංග සිටින්නේ දෙවන තැනයි.එහෙත් තත්පර 46 සීමාවේ තරග වදින හය දෙනෙකුම අවසාන තරගය නියෝජනය කරන නිසා මේ තරගයේදී තත්පර 45 කාලයේ සැරිසරන ස්ථාන කිහිපයක්ම දැකිය හැකි වීමේ ඉඩට බාධාවක් විය හැක්කේ කාලගුණය පමණයි.
ඔලිම්පික් අපේක්ෂිත ක්‍රීඩකයින්ට ලැබෙන හොඳම අවසන් අවස්ථාව මෙය වෙන්නෙ, ජාතික සූරතාවලිය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය බී ශ්‍රේණියේ තරගාවලියක් හැටියට සළකන නිසයි.ඒ නිසා දක්ෂතාවයට හිිමිවන ලකුණු ප්‍රමාණයට අමතරව ලකුණු 100 ක් එකතු වෙනවා.


පළමු දිනයෙදි බොහෝ දෙනෙක් හෙල්ල වීසි කිරිමේ ඉසව්ව දෙස බලා සිටියෙ නව ජාතික වාර්තාලාභි රුමේෂ් තරංග මීටර් 85.45 ක දක්ෂතාවය තව සෙන්ටි මීටර් 5 ක් දුරට තල්ලු කරමින් ඔලිම්පික් වරම් ලබා ගන්නට සමත් වේය කියන බලාපොරොත්තුවෙන්.ඒත් වර්ෂාව නිසා ඒ අවස්ථාවට ළඟා වීමට අපොහොසත් වෙනවා පමණක් නොව රුමේෂ්ට පළමු ස්ථානයත් අහිමි වෙනවා.පළමු තැන හිටපු ජාතික වාර්තාලාභි සුමේධ රණසිංහට හිමි වෙනවා.දක්ෂතාවය මීටර් 77.68 ක්.රුමේෂ්ගේ දුර වන්නේ මීටර් 77.1ක්.
පසු මැදි දුර ධාවන සූරි නිමාලි ලියනාරච්චි මීටර් 1500 ඉසව්වට සහභාගි වී එම ඉසව්ව ජය ගතතාය.ඇය ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලැබූ මීටර් 800 ඉසව්වද නියෝජනයට ඉදිරිපත් වුවහොත් ඇයගේ අත්දැකීම් පිරි ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය මේ මොහොතේ ඔලිම්පික් අපේක්ෂාවේ ඉදිරියෙන්ම සිටින්නී තරුශි කරුණාරත්නට විශාල සහයක් වනු ඇත.එසේම අද උදෑසන පැවත්වෙන කාන්තා හෙල්ල විසි කිරීමේ තරගය ද ඉතා වැදගත් අවසානයක් කරා ගෙන යන්නට වැසි පමා කරමින් දෙන ආශිර්වාදය අතිශයින් වැදගත් වන්නේ එය බොහෝ විට මෙවර ඔලිම්පික් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම නියෝජනය තීරණය වීමට එම ඉසව්ව බලාපානු ඇති නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...