*
Saturday, June 29, 2024
spot_img

Latest Posts

අපි රතිඤ්ඤා පත්තු කළ යුත්තේ හොඳම පැකේජය රටේ ජනතාව වෙනුවෙන් ලැබුණොත් පමණයි – විපක්ෂ නායක

කොළඹ LNW:පාස්කු ඉරිදා ප්‍රහාරයත්, කොරෝනා කොවිඩ් ව්‍යසනයත්, ශ්‍රී ලංකාව මූල්‍යමය බංකොලොත්භාවට ලක් වීමත් යන ත්‍රිත්ව ඛේදවාචකයන් තුළ මෑත කාලයේ සතුටු දායක ආරංචි නොලැබුණු නමුත් සමහර අය රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් බවත් එයට හේතුව බංකොලොත්භාවයෙන් මිදීම යැයි පවසන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

මෑත කාලයේ මේ රට මහා ඛේදනීය තත්ත්වයට ලක් වුණේ බොරුවට මුසාවට මුලාවට වංචාවට රැවටී රටේ අතිමහත් බහුතරයක් ඇන්දීම සහ ඇන්දවීම තුළ වන හෙයින් රටක් ලෙස මේ මහා විශාල ප්‍රපාතයකට ඇද වැටි ඇති බව විපක්ෂ නායකයා සඳහන් කරයි.

අප රටක් ලෙස දේශීය හා විදේශීය ණය බරතාවකින් පෙළෙන බවත් බංකොලොත්භාවය යනු තමන්ට ලැබෙන ආදායමෙන් ණය ගෙවා ගත නොහැකිව ණය පැහැර හැරීමේ තත්ත්වයක් නිර්මාණය වීම බවත් එය ජන සමාජයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා පිළිගන්නා බවත් මේ අවස්ථාවේ ලක්ෂ 220ක් ජනතාව සත්‍ය වටහා ගත යුතු බවත් ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය හා පෞද්ගලික ණය හිමිකරුවන් ආදී විදේශීය ණයත් දේශීය ණයත් ඇති අප රට 2023 දත්ත අනුව ඇ. ඩොලර් බිලියන 92ක් සහ පොළිය නොගෙවපු නිසා එකතු වූ පොළියත් සමඟ තවත් ඇ. ඩොලර් බිලියන 1.6ක් ණය වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙවැනි ණය තත්ත්වයක් ඇති මොහොතක ද්විපාර්ශ්වීය ණය හිමිකරුවන් සමග යම් ගිවිසුමකට එළැඹෙන බවට වාර්තා වන බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

එය රටට තිබෙන ණයවලින් එකක් පමණක් බවත් තව විදේශ වානිජ ණය පවා ඇති බවත් ඒ සම්බන්ධ එකඟතාවක් නොමැති බවත් අපි රතිඤ්ඤා පත්තු කර සතුටු විය යුත්තේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් රටේ ජීවත් වන ජනතාවට වැඩි වාසියක් හා අඩු අවම හානියකුත් වැඩි බරක් විදේශීය ණය හිමියන් තුළ පැටවීමෙන් වුවත් මේ වන විටත් මේ රටේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට විශාල බලපෑමක් කර සමාජයේ සුපිරි පොහොසතුන් ආරක්ෂා කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (25) කොළඹ හෝමාගම පාදුක්ක මාදුළුවාවේ සෝභිත මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 259 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

ප්‍රාථමික බැදුම්කර ඩීලර්ස්ලාට අත නොතියා වැඩ කරන ජනතාවගේ විශ්‍රාමික පාරිතෝෂික හා අර්ථසාධක අරමුදල්වලට කප්පාදුවක් කර ඇති බවත් රතිඤ්ඤා පත්තු කරන්න පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූල්‍ය විශ්ලේෂණය තුළ වැඩි හානියක් සිදුව ඇත්තේ රටේ වැඩකරන ජනතාවට ද නැතිනම් විදේශීය ණය හිමිකරුවන්ට ද කියා මහබැංකු අධිපතිතුමා හෙළිකළ යුතු බවත් රටේ ජනතාවට අඩු බරක් එල්ල වී ඇත්නම් ඕනෑ තරම් රතිඤ්ඤා පත්තු කළ හැකි බවත් රතිඤ්ඤා පත්තු කරන්න පෙර ජනතාව රවටන්නේ නැතිව මූල්‍ය දත්ත ඉදිරිපත් කරන ලෙස මහබැංකුවට කියනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසයි.

අපි රතිඤ්ඤා පත්තු කළ යුත්තේ හොඳම පැකේජය අප රටේ ජනතාව වෙනුවෙන් ලබා ගත හොත් පමණක් බවද හෙතෙම ප්‍රකාශ කරයි.

වැඩ කරන ජනතාවගේ මුදල්වලට පිට්පොකට් ගසා රතිඤ්ඤා පත්තු කළ නොහැකි අතර ජනතාව මුසාවෙන් බොරුවෙන් මුලාවෙන් ඇන්දවීමෙන් රැවටීමෙන් මෙහෙයවිමට වැරදි ප්‍රවෘත්ති පවා සමාජගත කරන්න උත්සාහ කරන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

රජය කියන කරන හැම දෙයක් ගැනම සන්සුන් මනසකින් දත්ත හා සත්‍ය කේන්ද්‍රීයව තොරතුරු කරුණු කාරණා අවබෝධ කර ගන්නා ලෙසත් එසේ නොමැති නම් නැවත වතාවක් රැවටී මංමුලා වීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියාසිටියි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 259ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2815ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan