*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

ඇෆ්ගන් සෙමි ඒමේ සොමිය කොයිබකට විය යුතුද?

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ :

ඇෆ්ගනිස්තානය අවසාන පූර්ව වටයට පිවිසීම ඓතිහාසික ජයග්‍රහණයකි.ඔවුන් සරණාගත කදවුරුවලින් ක්‍රිකට් පටන් ගැනීම ගැන අපි කම්පා වෙමින් ඒ ඔස්සේ පැමිණි ගමණට සුබ පතමින් සතුටු වෙමින් සිටින්නෙමු.ඒ සමහර වර්ණා කරන්නන් තමන්ගේ භූමිය අහිමිව විලාප තබන උතුරේ සරණාගතයන් ගැන වචනයක් හෝ කතා කරන්නේ නැත.සමහර විට එහි ද වර්ථමානයේ මතුව එන වියස්කාන්ත්ලා වැනි ක්‍රීකට් ක්‍රීඩකයින් සිටින්නට ඉඩ ඇත.


එහෙත් සරණාගත කදවුරේ සිට ලෝකයේ ප්‍රබලම ක්‍රීඩකයින් අභිබවා ලෝක කුසලාන අවසාන මහා තරගයකට එන්නට පහසු නැත.එයට ගරු කළ යුතුය.එහෙත් ඇත්තම තත්ත්වය ඔවුන්ට රටේ ක්‍රීඩා කරන්නට ඇති නොහැකියාව මතු කරන්නේ රටේ පාලකයාගේ දුර්දාන්තකමය.මේ සමඟ ඇත්තේ රටේ ජනතාව ඒ පීඩාකාරී ජීවන රටාවෙන් මිදී අවසන් පූර්ව තරගයට පැමිණි ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් සතුටුවන අයුරුය.
මේ ආගමික බලපෑම් මත සිර කරගෙන සිටින ජනතාවගේ සතුට දෝර ගැලීමක්ය.ඒ වෙනුවෙන් විනෝද වන්නට සහ සතුටු වන්නට මතුවන හැඟීම ජීවිතයට වඩා වටිනාකමක් ඇති දෙයක්ය.සිරකරුවන් සේ තමන්ගේ සිතැඟී සිර කරගෙන ජීවත්වීම නිමා කරන්නට තමන්ගේ හෘද සාක්ෂිය විසින් නිදහස වෙනුවෙන් කරන පෙළඹීමක්ය.


සංගීත භාණ්ඩ පවා වයන්නට ඇති මිනිස්සුන්ගේ හැකියාවන් සහ ආශාවන් ඝාතනය කරපු රටක මේ ක්‍රිකට් ජයග්‍රහණයෙන් ඇෆ්ගන් වැසියන්ට ගන්න තිබෙන වැඩිම වටිනාම පාඩම ලෝකයේ තමන්ට අහිමි,එහෙත් මිනිස්සුන්ට සතුටු වන්නට ඇති කෙතරම් දේවල් පාලකයන්ගේ ආගමික බලපෑම් විසින් අහිමි කර තිබෙන්නේ ද යන්නය.මේ ජයග්‍රාහී සැමරීමේ යටි පෙළෙහි ඇති ඒ දේශපාලනික අවශ්‍යයතාවය වෙනුවෙන් නොනවතින සටනකට මිනිස්සුන්ට ජීවය කැවීමක් ක්‍රිකට් පිටියෙන් මතුව ඒමක්ය.
විශේෂයෙන්ම කාන්තාවන්ට සළකන අවර ගනයේ බලපෑම ක්‍රීඩාවේදී ද අදාළ එකකි.මේ ජයග්‍රහණය විසින් පවසන්නේ ඇෆ්ගන් කාන්තාවන්ටද ලෝකය දිනා මේ ඡායාරූපවල වගේම මිනිසුන් සතුටු කිරීමේ හැකියාව ඇති බවය.එය පාලකයන් විසින් සිය ආගමික දුර්මතවලින් යටපත් කරගෙන බලපෑම් ඇති කරමින් ඒවා සිර කර තබා ඇත.මේ වන විටත් ක්‍රිඩාවෙන් ඇෆ්ගනිස්තානයට වාරණ පැන වී ඇත.එහි දී ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැනි ආයතන ඔවුන්ගේ ආගමික අනන්‍යතාවයන්ට ගැරහීම වෙනුවට කාන්තා පුරවැසියනගේ අයිතිය උල්ලංඝණය කරමින් ක්‍රීඩාවට වැට බැදීම ගැන දැඬි විරෝධයක් දක්වා සිටියි.එසේම මානව හිමිකම් සංවිධාන ගැහැණියට ඉගෙන ගන්නට ඇති අයිතිය අහෝසි කිරීම සඳහා ගෙන ඇති තීරණය ඇෆ්ගනිස්ථානය රාජ්‍යයක් හැටියට ප්‍රතික්සේප කරයි.
ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ තලෙයිබාන් ආක්‍රමණයේ දී රටින් නික්මෙන්නට ගොස් ගුවන් යානාවලින් වැටි මිය යන දර්ශන අපි දුටුවෙමු.වත්මන් ක්‍රිකට් නායක රශීඩ් ඛෘන් පවා ලෝකයෙන් සිය ජීවිතවල රැකවරණය ඉල්ලා සිටි බව ද මතකය.ඒ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර සළකුණු බවට පත් වී සිටි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ තමන්ට සුව සේ ජිවත්විය හැකි පරිදි ලෝකයක් සකසා ගෙන සිටි නිසා එය අන් ක්‍රීඩාවල ක්‍රීඩකයන්ට මෙන් ජීවිතය සම්බන්ධ අවදානම් තීරණවලට එළැඹෙන්නට හේතුවක් නොවිණි.එහෙත් ලෝකයට ඇෆ්ගනිස්තානය ක්‍රිකට්වලින් විවෘතව පැවතීම නිසා තලේබාන්වරු මෑත කාලයේ දී නැවත බලය අල්ලා ගන්නා විට මීට පෙර කළ ආකාරයට ක්‍රිකට්වලට තහනමක් නොවැටිණි.මීට පෙර තලේබාන් පාලනය යටතේ සෙසු ක්‍රීඩා මෙන්ම ක්‍රිකට් ද තහනම්ව තිබිණ.


ඇෆ්ගනිස්තානයේ 1839 දී පමණ බ්‍රිතාන්‍ය ජාතිකයින් ක්‍රිකට් ක්‍රීඩා කර ඇතත් එය ජනප්‍රියත්වයට පත්වීම ආරම්භ වන්නේ 90 දශකයේදීය.ඒ පකිස්තානයේ පැවති ඇෆ්ගන් සරණාගත කදවුරු හරහා ආ රැල්ලකින්ය.
ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ක්‍රීඩා පිටි නොවිණි.එහි අදහස ඇෆගනිස්තානය ඇතුළත ක්‍රිකට් ක්‍රීඩා නොකිරීම නොවේය.ක්‍රීඩා සමාජ 320 ක් ක්‍රීඩා කරන අතර අද වන විට එරට ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය.තණතීරු සහිත ක්‍රීඩාංගණ හයක් ඇති අතර ක්‍රිඩා පිටි ඉදිවෙමින් පවතින අවස්ථා සහ ආධාර ව්‍යාපෘති ද ක්‍රියාත්මකය.ක්‍රීඩාංගණ ජාත්‍යන්තර කණ්ඩායම්වලට පැමිණීමට තරම් පහසුකම් සහිත මට්ටමක නැත.ප්‍රධාන හේතුව ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දීමට තරම් අන්තවාදී ආගම්වාදී කණ්ඩායම්වල හැසිරීම විශ්වාසයට ගන්නට නොහැකිය.


මේ පසුබම් කතාව ඇතුළත ක්‍රිකට් පාලකයන්ට බලපෑමක්ය.ඒ අනුග්‍රහය සහ අවසරය ඇතිවෙන්නේ ජනතාවගේ හදවත් තුළ ක්‍රිකට් ආගමක් ලෙස වැඩෙමින් තිබෙන සමාජ භාවිතාවන් හරහාය.රශීඩ් ඛාන්ලා නැවත තලේබාන් පාලනය එනවිට ජාත්‍යන්තරයෙන් ආරක්ෂාව ඉල්ලා සිටියේ එහි බලපෑම සමහර විට තමන්ට පවුල් පිටින් ක්‍රීඩා කිරීම නිසා වන්දි ගෙවන්නට වන දඬුවමක් ඇති විය හැකි බැවිනි.අද ද ඒ තත්ත්වය වෙනස් නැත.එහෙත් විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන පූර්ව වටයට ඇෆ්ගනිස්තානය පිවිසීම සමරන්නට ප්‍රීති ඝෝෂා කරමින් ජනතාව පාරට බැසීම පාලනය කරන්නට තලේබාන් පාලනයට නොහැකිය.


ක්‍රිකට් වෙනුවෙන් ජනතාව පාරට පැමිණීම සංවිධානාත්මකව සිඳු නොවුනු දෙයක් බව පැහැදිළිය.ඒ ජනතාවගේ හෘදය සාක්ෂිය විසින් කරන ලද තෙරපීමක පලයක්ය.මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධ උදාහරණය අරගලය ය.කිසිවෙක් සංවිදානය නොකළ එය වෙනුවෙන් හෘදය සාක්ෂිය විසින් කළ පෙළඹිම මත පාරට බසින ඕනෑම කෙනෙක්ගේ සඟයෙක් වෙන්න තරමට ඒ හැඟීම ඇති කරන උත්තේජනය තලේබාන් හිතැති හැඟීම්වලට තේරුම් ගන්නට අපහසුය.ඒත් තලේබාන්ලාට මේ රොඳ බැදීමේ අනතුර දැනෙමින් තිබෙන බව පැහැදිළිය.මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කර සිර කරගෙන ආගම පෙරට ගෙනවිත් අවිය පාලනයේ සහ මර්දනයේ තේමාව කර ගනිමින් යා හැකි සීමාව ගැන අනතුරුක් තලේබාන්ලාට මේ වීදි බැසීම් හමුවේ දැනෙන්නට ඇත.


එය උපක්‍රමිකව යම් යම් සීමාවන්ට යටත් කර පාලනයට හසුකර ගැනීම ඊ ළඟ උපක්‍රමය විය හැකිය.මේ කිසිඳු වීදි බැසීමක තලේබාන් ලලනාවක් හඳුනා ගන්නට නොමැත.ඒ ඇෆ්ගන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉරණම පැහැදිළි කිරිමකි.ඒ සියල්ල ඔස්සේ ඇෆ්ගන් ජනතාවගේ හෘදය සාක්ෂිය අවදිව මේ වීදි බැසීම්වල ඇති අරමුණ ජනතා එකඟතාවය හැටියට තේරුම් ගැනීමට හැකිනම්,තලේබාන්ලාගේ කෘරත්වයේ සහ ප්‍රචණ්ඩත්වයේ දේව භාවිතයට එරෙහි මැදිහත්වීම් ද අපහසු නැති බව කියවා ගනු ඇත.එය ක්‍රිකට් විසින් ජනතාවට කරනු ලබන ප්‍රජාතාන්ත්‍රික මඟ පෙන්වීමක් සහිත දේශපාලන සටනකට පූර්වාදර්ශ සැපයීමක් වනු සැක නැත.


ඇෆ්ගන් ක්‍රිකට් ජයග්‍රහණය ඒ පොළවේ කණ්ඩායමකට හිමි නොවන රටට හිමි ජයක් බවට පත් වෙන්නටනම් ඒ දේශයේ මිනිසුන් අනෙකාව බේදයකින් කොන් කිරීමකින් වෛරයකින් තොරව වැළඳ ගන්නා මිනිස්සු බව හැඟෙන සමාජ විපර්යාසයකට ඇෆ්ගන් වැසියාව පත් කිරීමට මඟ පෙන්විය යුතුය.ඒ ඇත්ත ජය ගැනීමට රශීඩ් ඛාන්ලාට මේ ජයග්‍රහණය ලෝක කුසලානය දක්වාම රැඟෙන ගොස් ඉෂ්ට සිද්ධ කරන්නට හැකිනම් එය ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ජනතාවට කළ මහඟුම සේවය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.


අපේ හෘදය සාක්ෂිය ආශිර්වාදාත්මකව මෙයට එකඟනම් ඇෆ්ගනිස්තානයේ පමණක් නොව මේ රටේ කොටසකගේ ද ආයුධ සන්නද්ධ බලය විසින් අහිමි කර තිබෙන හිමිකම් සහ ඇති කර තිබෙන සරණාගත බව අහෝසි කිරීමට ද අපි පක්ෂපාති වීය යුතු වන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan