ශක්තිමත් ආරම්භය අතර මග දිය වෙයි

Date:

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි විස්ස තරඟයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට අමිහිරි පරාජයක්ම හිමි විය.රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිසියහ.ගත් තීරණය නිවැරදි බව පසක් කරමින් නායිකා චමරි අතපත්තු සහ 16 හැවිරිදි විශ්මි ගුණරත්න සාර්ථක ආරම්භයක් කණ්ඩායමට එකතු කරමින් මුල් කඩුල්ල සඳහා ලකුණු 87ක සබඳතාවයක් ඇති කළහ.ඒ පන්දු ඕවර් 13.5 දී ය.චමරි ලකුණු 43 ක් කණ්ඩායමට එකතු කළේ පන්දු 41 දී ය.
දෙවන කඩුල්ල ලෙස විශ්මි ලකුණු 45 ට දැවී ගිය අතර ඇය ඒ සඳහා ගත කර තිබුණේ පන්දු 50 ක් පමණි.ඉන් අනතුරුව ලකුණු එකතු වීම සෙමින් සිඳු වූ අතර කඩුලු එක පිට එක වැටෙමින් අඩුම තරමේ කිසිඳු ක්‍රිඩිකාවකට ඉලක්කම් දෙකේ ගණනකින් ලකුණු පූවරුව පොහොසත් කරන්නට හෝ අවස්ථාව නොලැබිණි.ඒ අනුව පන්දු ඕවර් 20 නිමාවන විට ලකුණු පූවරුව ලකුණු 125 රැදී තිබුණු අතර කඩුලු හතක් බිඳ වැටි තිබිණ.
පිළිතුරු ඉණිමට පිවිසි ඉන්දීය කණ්ඩායමට ද ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ පහසුවෙන් අත දිග හරින්නට අවස්ථාව නොඳුන්හ.විශේෂයෙන් දඟ පන්දු යවන්නියන් ඉනෝකා රණවීර ප්‍රමුඛව ඇති කර බලපෑම දැඩී වූ අතර ඒ නිසා ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩිකාවන්ට පන්දු ඕවර් 19.1 ඉවසා සිටින්නට සිඳු විය.ඉන්දීය ඉණිමේ ජයග්‍රහණය රැඳි තිබුණේ සමිත්‍රී මන්දානා එක් කළ ලකුණු 39 සහ නොදැවී නායිකා හර්මන්ප්‍රීට් කෝර් ලබා ගත් ලකුණු 31 තුළ ය.
පන්දු යැවීමේදී ද කැපී පෙණුන නායිකා කොවුර් පන්දු ඕවර් 3 ක් තුළ ලකුණු 12 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත් අතර පිත්තෙන්ද රැස් කර ලකුණු 31 නිසා ඇයට තරඟයේ වීරවරිය වීමේ භාග්‍යය උදාවිය.ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා දුන් චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...