*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

පළමු වරට ශ්‍රී ලංකාවේ ‘Golden Paradise’ වීසා චීන ජාතික ආයෝජකයකුට!

පළමු වරට ශ්‍රී ලංකාවේ ‘Golden Paradise’ (ස්වර්ණමය පාරාදීසිය) වීසා චීන ජාතික ආයෝජකයකුට ලබා දී තිබෙන බව වාර්තා වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන මෙම දිගු-කාලීන නේවාසික වීසා බලපත්‍රය ලබා දී තිබෙන්නේ චායි යින් මන් නම් චීන ජාතික ආයෝජකයකුට වසර පහක කාලයක් සඳහා ය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද බයිලි ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂකවරයා වන චායි යින් මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට රාජගිරිය ප්‍රදේශයේ ඩොලර් මිලියන 60 ක ආයෝජනයක් යටතේ ඒකක 1,200 කින් යුක්ත සුඛෝපභෝගී මහල් නිවාස සංකීරණයක් ඉදිවෙමින් පවතී.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා ඔහුගේ අමාත්‍යධුරයට පත්වීමට පෙර විදේශ සෘජු ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම දිගු-කාලීන නේවාසික වීසා නිකුත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලද්දේ ඉකුත් මැයි මාසයේ ය.

මහ බැංකුව විසින් පිළිගත් දේශීය වාණිජ බැංකුවක අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් තැන්පත් කරන විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ වසර 10 ක කාලයක පදිංචිය සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමට Golden Paradise වීසා යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී.

මෙම වීසා යෝජනා ක්‍රමයට අයදුම් කරන විදේශිකයන් ට පදිංචි වී පළමු වසරෙන් පසු ඇමරිකානු ඩොලර් 50,000 ක් ආපසු ගැනීමට හැකි මුත්, ඉතිරි කාලය සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක අවම ශේෂයක් තම ගිණුමේ පවත්වා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා රට තුළ ඇති අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ආයෝජනය කිරීමට කැමති විදේශිකයන් හට මෙම දිගු-කාලීන නේවාසික වීසා යෝජනා ක්‍රමය හඳුන්වා දුන් බවත්, ආයෝජකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙම වීසා යෝජනා ක්‍රමය යටතේ පහසුකම් භුක්ති විඳීමට හැකිවනු ඇති බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

විදේශ සමාගම් වල ආයෝජකයන්, අධ්‍යක්ෂකවරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා වසර 10 ක දිගු-කාලීන වීසා බලපත්‍ර පහක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනේ ඉකුත් අප්‍රේල් 25 වන දිනය. මෙම වීසා ක්‍රමයට සුදුසුකම් ලැබීමට නම් අදාළ පදිංචිය සඳහා තෝරා ගන්නා භූමිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 75,000 ක් හෝ ඊට ඉහළ ආයෝජනයක් සිදුකළ යුතුය. මෙම යෝජනාව කැබිනෙට්ටුවට ඉදිරිපත් කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ය.

විදේශ ආයෝජකයන් සඳහා නේවාසික වීසා නිකුත් කිරීම තවදුරටත් සරල කිරීමේ පියවරක් ලෙස මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන ලදී.

මෙරට මහල් නිවාසයක් මිලදී ගැනීම සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 75,000 ක් වැය කරන ඕනෑම විදේශිකයෙකුට වසර පහක වීසා බලපත්‍ර ලබාදීමට ද රජය අනුමැතිය ලබා දී තිබේ.

MIAP

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan