හෙට සිට ඉන්ධන පෝලිම්වලට ටෝකන්. බවුසර් ආවොත් දුරකථන ඇමතුම් – ඇමති කංචන

Date:

මීළඟ ඉන්ධන නෞකාව ලැබෙන තුරු රටේ පවතින තත්වය හමුවේ හෙට (27) සිට ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල සිටින ජනතාවට ටෝකන් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ආරක්ෂක මණ්ඩලය රැස්කරනු ලදුව එහිදී ගත් තීරණයක් අනුව මෙම පියවර ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව හෙට සිට සෑම ඉන්ධන පිරවුම්හලකම පෝලිමට එක්වන සෑම අයෙකුටම ටෝකන් එකක් ලබාදෙන අතර ඒත් සමගම ඒ පුද්ගලයාගේ දුරකථන අංකයත් ලබාගන්නා බවත් පිරවුම්හලට ඉන්ධන බවුසරයක් පැමිණි විට එම ටෝකන් අංක පිළිවෙල අනුව ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදී දැනුවත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ටෝකන් එක් එක් ඉන්ධන පිරවුම්හලට ආවේණික පරිද්දෙන්, වෙනස් කළ නොහැකි ආකාරයට ලබාදෙන බවත් ඒ මහතා පැවසීය.

එසේ දුරකථන ඇමතුම් ලබාදෙන නිසා මෙම ටෝකන් රැගෙන තවදුරටත් ඉන්ධන පෝලිමේ රැඳී නොසිට නිවෙස් බලා යන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි අතර පවතින තත්වය සම්බන්ධයෙන් ජනතාව වෙත තම කණගාටුව පළකරන බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...