මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අදට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ , කංසා අපනයනය කර දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ , මෙරට තුළ කංසා භාවිතය නීතිගත කිරීම සඳහා මේ වන විට විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර කංසා අපනයනය සඳහා ශක්‍යතාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.

ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස එයට අවසර ලබාදෙන බව විෂය භාර අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළ නමුත් , කංසා අපනයන කිරීම තුළින් ආර්ථික වාසී පවතින බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කංසා සමාගම්වල ගිණුම් වාර්තා සොයා බැලීමේ දී අනාවරණය වන බව ද මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේය.

කංසා ප්‍රවර්ධනය බලාපොරොත්තු වන පාර්ශව විසින් මෙරට ජනතාව දැනට මුහුණදෙමින් සිටින බලවත් ආර්ථික අර්බුදය සිය වාසියට හරවා ගනිමින් ඒ හරහා තම අරමුණු මුදුන්පත් කරගැනීමේ වෑයමක නිරත වෙමින් සිටින බව ද ඔවුන් පෙන්වා දෙන අතර , දැනට පවතින කංසා පිළිබඳ ධනාත්මක මතවාද හේතුවෙන් එය තවදුරටත් ප්‍රචලිත වන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, මෙවන් වාතාවරණයක් තුළ කංසා වැනි හානිකර මත්ද්‍රව්‍යයන් ප්‍රචලිත කරන විට වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය ද ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් බවයි .

දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 100ක් පමණ මිය යන අතර දුම්කොළ සහ මධ්‍යසාර සමාගම් රුපියල් කෝටි 100ක පමණ මුදලක් ශ්‍රී ලාංකිකයින්ගෙන් උපයා ගන්නා බවයි ඔවුන් පවසන්නේ , මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...