*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

එකෙන් එක එකතු කරලා එකතු කරලා ගොඩ නඟපු ලොකු ඉණිමත්

දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැද වූ මොහොතේ අපගේ විග්‍රහය වූයේ ද ඔහු කණ්ඩායමට අවශ්‍යය මොහොතක ඉවත් කර පසුව එම වරද වසා ගන්නට අනවශ්‍යය මොහොතක කණ්ඩායම රැඟෙන ආ බවය.නමුත් දිමුත් තවමත් එක්දින තරග සඳහා අවශ්‍යය හැඩයෙන් සහ රිද්මයෙන් යුතුව සිටින බව ගෙවුණු තරගවලදී පැහිදිළි කර අවසන්ය.වේගවත් පිටියෙන් ඉවතට යන පහර වෙනුවට දිමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනස් කරමින් සිටින්නේ පසුගිය කාලයේ බොහෝ අවධානයට ලක් වූ “ඩොට් පන්දු” ප්‍රමණය අධික වීමේ ස්වභාවය ය.සෑම පන්දුවකටම පාහේ ලකුණු එන ආකාරයට පහර දිය හැකිනම් අතරමැද එල්ලවන හයේ පහර ප්‍රමාණය තරමටම ලකුණු වේගය පවත්වාගෙන යා හැකිය.


ඊයේ ශ්‍රී ලංකා ඉණිම ආරම්භක අවදියේදී ලකුණු 48 ට කඩුලු 2 ක් ව තිබියදී සධීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න ගොඩ නඟපු සබඳතාවය හයේ පහරවල් නැතිම සහ හතරේ පහරවල් අවම එහෙත් පන්දුවෙන් පන්දුවට ලකුණු එකතු වූ ආකාරයේ පෝෂ්‍යදායක ඉණිමක්ය.තෙවන කඩුල්ලට ඔවුන් දෙදෙනා ලකුණු 168 ක් එකතු කළ අතර සදීර දැවී ගියේ පන්දු 86 දී එකතු කළ ලකුණු 82 න් පසුවය.දිමුත් සිව්වන කඩුල්ල දක්වා පිටියේ රැඳෙමින් කඩුලු වැටීමෙන් ඇති විය හැකි පීඩනයද පාලනය කරමින් පන්දු 103 දී ලකුණු 103 ක් එකතු කිරීම ප්‍රශස්ත වගකීමක් ඉටු කිරීමක්ය.


සදීර සහ දිමුත් එකතු කළ ලකුණු ප්‍රමාණය පන්දු 189 දී ලකුණු 185 කි.මේ ලකුණු 185 සඳහාම හයේ පහර ඇතුළත් නොවිණ.හතරේ පහර ද එකතු වී තිබුණේ 12 ක් පමණි.ඒ දිමුත්ට 4 ක් සහ සදීරට 8 ක් ලෙසය.පන්දු රකින්නන් සහ පන්දු යවන්නන් තුළ ඔවුන්ටත් නොදැනීම ගොඩ නැඟෙන පීඩනය අපූරුය.ඒ ආක්‍රමණය රළු වුව ඒ තරමටම මුදුව සිඳුවන එකකි.හතරේ පහරෙන් සහ හයේ පහරෙන් ප්‍රවේගකෘරීත්වය නොමැන්නට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය 36 වන ඕවරයේ පළමු පන්දුවෙන් නිමාවන විට ලකුණු පූවරුව 216 ද්කවා ඉහළ එසැවී තිබිණ.ඒ වන විට වඩා වේගයෙන් පහර දෙන්නට හැකි පන්දු ඕවර් ප්‍රමාණයක් මෙන්ම කඩුලු ප්‍රමාණයක් ද ඉතිරිව තිබිණ.පසුව චරිත් අසලංක (38) සහ ධනංජය ද සිල්වා (නොදැවී 42) පමණක් එම සබදතාවයේ අරමුණ සහ අවසානය හරියට කියවා ගත් අතර සෙස්සන් අනවශ්‍යය ලෙස කඩුලු වීසි කර දැමුවෙන් පන්දු ඕවර් පනහ නිමා වීමට එක් පන්දුවක් කිබියදී ශ්‍රී ලංකාවට සියලු කඩුලු අහිමි විය.ඒ අහිමිවීමම නැවතත් තහවුරු කරන්නේ සදීර සහ දිමුත් ප්‍රදර්ශනය කළ ක්‍රීඩා රටාවේ වටිනාකමමය.


පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රතිවාදීන්ට ලකුණු 325 ක ලොකු විශාල ඉලක්කයක් තිබීම වැදගත් විය.එය පිතිකරුවන් සසල කරන විශාල ලකුණු ගණනක් විය.මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන වනිදු හසරංගට ප්‍රහාරයක් එල්ල කර ඔහුව මැඩ පැවත්වීම අයර්ලන්තයේ සැළසුම් අතර විය.ඒ නිසා ඔවුහූ වනිදුට පහර එල්ල කරමින්ම ඔවුන් පන්දු ඕවර් 10 ට ලකුණු 79 ක් ලබා ගනිමින් කඩුලු 5 ක් අහිමි කර ගත්හ.සෙසු පන්දු යවන්නෝ නිසි ඉලක්කය සහිතව වනිදුට පහර දෙන අයර්ලන්ත පිති බැඳ තැබෙන අයුරින් ක්‍රියා කළහ.මහේෂ් තීක්ෂණ ලකුණු 29 ට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.කසුන් රාජිත,ලහිරු කුමාර සහ දසුන් ශානක අතරේ කඩුල්ල බැඟින් බෙදිණි.පන්දු ඔව්ර් 31 ක් නිමා වන විට අයර්ලන්තය ලකුණු 326 ක ඉලක්කයෙන් ලකුණු 192 ක් පමණක් ලබා සියල්ලෝ දැවී ගියහ.ශ්‍රී ලංකාවට ලකුණු 133 ක ජයක් හිමි විය.
මෙහිදී අප මේ සටහනට මූලික කරගත් කාරණාව නැවත සළකා බැලීමේදී ශ්‍රී ලංකාවේ ලකුණු 325 න් හයේ සහ හතරේ පහරවලින් ලකුණු පැමිණ ඇත්තේ ලකුණු 106 ක් පමණි.අයර්ලන්තය රැස් කළ ලකුණු 192 න් ලකුණු 100 ක් ම හයේ හතරේ පහරය.හයේ සහ හතරේ පහරවලින් විශාල ඉණිමක් ගොඩ නැඟිය හැකි යන්න සත්‍යයක් විය හැකි නමුත් එය මිත්‍යාවක්ද විය හැකි අවස්ථා ඇති බව එයින් පැහැදිළිය.නමුත් අඩු නිලකුණු පන්දු සහිතව, කඩුලු නොදී ඉණිමක හොඳ සබඳතා ඇති කර ගත හැකිනම් එය විශාල ඉණිමක් කරා ගොඩ නැඟිය හැකිය යන්න සෑමවිටම පාහේ සත්‍යම වන්නේය.සදීර සහ දිමුත් මේ ජයග්‍රහණය පිටුපස පැහැදිළි කළේ එම කාරණයය.


එසේම ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණයත් සමඟ තමත් ශ්‍රී ලාංකිකයෙකුගේ නියෝජනයකට ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ අවසාන කණ්ඩායම් හයට එන්නට මඟ සකස් කර දුන්නේය.ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන නාමයක් වන දුලිප් මෙණ්ඩිස් යටතේ පුහුණුව ලබන ඕමාන් කණ්ඩායමටය.හෙට ශ්‍රී ලංකාව හමුවන්නට නියමිත මේ වන විට තරගාවලියේ ඉහළ දස්කම් දක්වමින් සිටින ස්කොට්ලන්තය,ඕමානය සහ ශ්‍රී ලංකාව දැනටමත් ශ්‍රී ලංකාව නියෝජනය කරන කොටසෙන් අවසන් කණ්ඩායම් හය අතරට පැමිණ අවසන්ය.අනෙක් පසින් එම අවස්ථාව උදාවන්නේ සිම්බාබ්වේ,බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්ත කණ්ඩායමටය.


පහතින් දැක්වෙන්න සබැඳියෙන් දිමුත් කරුණාරත්න ජීවිතයේ පළමු එක්දින ශතකය සමඟින අයර්ලන්තයට එරෙහිව තරගයේ වීරයා වූ තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්නට හැකිය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/ireland-vs-sri-lanka-15th-match-group-b-1377760/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan