දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි සිතාසිය බලරහිත කෙරේ

Date:

පසුගිය වසරේදී අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වුණ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත නිකුත් කර තිබුණු සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් අද (26) රීට් ආඥාවක් නිකුත් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනු කළ රීට් පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම ආඥාව නිකුත් කරන ලදී.

එමෙන්ම ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කර ලිපියක් ද අභියාචනාධිකරණය විසින් බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...