ආණ්ඩුවේ වෑයමට අපි විරුද්ධයි – ගම්මන්පිල

කොළඹ LNW:දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආණ්ඩුවේ වෑයමට විරුද්ධ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (26) කොළඹදී පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට දමාගෙන ආණ්ඩුව නටන්න හදන නාඩගම කුමක්ද යන්න ප්‍රශ්න කර සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද කල්පනාවෙන් කතාකරන්න ඕන. බොහෝ කාරණා දැනගෙන හිටියත් සමහර කාරණා රටේ මුදල් ස්ථාවරතාවය ගැන හිතා කතාකරන්න ඕන.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සහරට දාගෙන ආණ්ඩුව මොකක්ද මේ නටන්න හදන නාඩගම. මේ දරන වෑයමට අපි විරුද්ධයි කියලා කියනවා.ආණ්ඩුව බංකොලොත් වෙන්නේ නෑ කියලා හිතලා තමයි ආන්ඩුවට ණය දෙන්නේ.බැංකු 5ක් 25% පොළියට ණය දීලා තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවට ඔවුන් එක්ක කතානොකර මෙහෙම කරන්න පුළුවන්ද. ආණ්ඩුව තමන්ට තියෙන බලය පාවිච්චි කරලා මෙහෙම කරනවනම් ඒක දාමරික වැඩක්. මේ රාජ්‍ය ත්‍රස්තවාදය. මේක නිසා එක පැත්තකින් මූල්‍ය අස්ථාවර තත්ත්වයක් ඇතිවෙනවා. අනිත් පැත්තෙන් බැංකුවලට ණය ලබාදීමේ හැකියාව නැතිවෙනවා” යනුවෙන් උදය ගම්මන්පිල මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...