කලුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද (26) විරෝධතාවයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කළුතර දිස්ත්‍රික්කයේ අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද (26) සිය කටයුතුවලින් ඉවත්ව එම විදුහල ඉදිරිපිට දී විරෝධතාවයක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ රජය විසින් පොරොන්දුවූ අත්තිකාරම් මුදල් ලබානොදීම හේතුවෙනි . දින 12කට පෙරම මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවද එම ගුරුවරු පවසති.

පසුගිය අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට රු 2,000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් අදට දින 12ක් වන නමුත් අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැති බව ඔවුහු පවසයි .

එහෙත් මුදල් බැරකල බවට මැසේජ් එකක් දමා ඇතත් මෙතෙක් කිසිදු ගුරුවරයෙකුට මුදල් ලැබී නොමැති බවත්, මුදල් ලැබීමෙන් පසු නැවත උත්තර පත්‍ර පරීක්ෂා කරන බව විරෝධතාකරුවෝ පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී අහිමි වූ මොඩියුල් ක්‍රමයට 2027දී වෙන දේ..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2026 වසරේදී හය...

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...