*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අපේ ආයුර්වේද ඖෂධය සඳහා ජාත්‍යන්තර වටිනාකමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන විදේශයන් වෙත අපනයනය කිරීම මූලික අරමුණ කර ගනිමින් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හා එක්ව විදේශයන් තුළ ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ‌දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණි .

එහිදී තාක්ෂණය, යන්ත්‍රෝපකරණ සහ වෙළඳ‌පොළෙහි පවතින ගැටලු ඔවුන් වෙත ඉදිරිපත් කළ අතර, ඊට අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සහ JI Promotions (Pvt) Ltd ආයතනයත් මෙහිදී සිය එකඟතාවය පළ කර ඇත.

මෙම සාකච්ඡාවේදී තව දුරටත්  අවධානය යොමුව ඇත්තේ  ජපානය තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, ජපානය තුළ සිටින ව්‍යාපාරික ආයතන දැනුවත් කර දේශීය සහ ආයුර්වේද නිෂ්පාදන විකිණීම සහ ප්‍රචලිත කිරීමට යන විශේෂ කාරණා පිළිබඳවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan