රනිල්ගේ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් රට යටත් විජිතයක් වෙයි – වජිර

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ නිසා කෙටි කලක දී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

රටේ ආර්ථිකය ගොඩ නඟන මෙම ගමනට සියලු ජනතාව වෛරය, ක්‍රෝධය, කුහකකමකින් තොරව සහයෝගය දිය යුතු බව ඔහු සඳහන් කරන අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා නැගුවද රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි ප්‍රශ්න කරන බවයි අබේවර්ධන මහතා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...