රනිල්ගේ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් රට යටත් විජිතයක් වෙයි – වජිර

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ නිසා කෙටි කලක දී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

රටේ ආර්ථිකය ගොඩ නඟන මෙම ගමනට සියලු ජනතාව වෛරය, ක්‍රෝධය, කුහකකමකින් තොරව සහයෝගය දිය යුතු බව ඔහු සඳහන් කරන අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා නැගුවද රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි ප්‍රශ්න කරන බවයි අබේවර්ධන මහතා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...