වෙඩිල්ල (කවි කෝලම) : දුක් දී උඹට ලබනුද මොන සැනසිලියා ….

Date:

පියුමෙහි පැණි බොන්ඩ ඇතිවද ආසාව
දන්නෑ පියුම හා මුමුණන බාසාව
එබැවිනි පියුම පිළිබඳ මේ ගෝසාව
කෝ කොහි අම්බරුවො සිහිනෙන් සී සෑව

පුෂ්පරාගයකි දිදුලන කහවත්ත
ගොබ්බ රාශි එය වෙනුවෙන් ගහගත්ත
මුට්ටි කාසි මැද කයිසමෙ රීගත්ත
කිම්ද මෙහෙම කෙරුවේ උඹ මහවත්ත

ටික් ටොක් ලොවේ අග රැජිනිය සමනොලියා
ටුක් ටුක් රහට නෙත් සනසන මනලොලියා
ජක් මක් හඬට හිත් මඬවන සුකොමලියා
දුක් දී නුඹට ලබනුද මොන සැනසිලියා

ඇත්ත යුත්ත ගැන මැදිහත් විය යුත්තේ
පිස්සු හැදුණු කෙරුමනි කෝ ඈ මත්තේ
හක්ක පයිනසුළු නිදසුන් ඇයි නැත්තේ
මෙන්න නිදසුනක් දියවන්නා පැත්තේ

ජංගි වලට ටැග් අමුනන සරතාණ
හංස යුවළකට පෙම් බැඳි සුරතාණ
කින්ඩි අතර මැද මුවගින් බොග දාන
සිංහ සෙයින් හිටියට මැටි ගිලදාන

ග්‍රෑම් දෙක තුනේ ගඳකිළි හති අරින
ඉන්ස්ටග්‍රෑමෙ වෙන කවුරු ද සුරබිදෙන
සිතු පැතු රුසිරු ෆැන්ටසියම මවාදෙන
ඒ පිං මදිද සංසාරය කෙටි කෙරෙන

නිකැලැල්ලෝ ඇය පසු පස ලුහුබඳිතී
උන් අත පොලු මුගුරු කැට ද කැබිලිතී
මුනිවරු නැත ද ඇය බේරාගනු කැමතී
ඈ කොක්සන් හඬට බිල්ලෝ ද බියවෙතී

~ කෞ ද බෝයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...