මාලිමා ප්‍රපංචයේ හැකියාවන් සහ නොහැකියාවන් ….

Date:

රට බංකොලොත් වෙන්ට බලපාපු එකම හේතුව දේශපාලන තන්ත්‍රය විසින් කරපු වංචා දූෂණ කියන එක මම පිළිගන්නෙ නෑ. හැබැයි පැවති දේශපාලන තන්ත්‍රය විසින් කරපු වංචා දූෂණ සමස්ත රාජ්‍ය ආර්ථික දේහයේ අස්සක් මුල්ලක් නෑර මරණීය පිලිකාවක් වගේ ඔඩුදුවල තිබුන කියන එක අපිට පිළිගන්න වෙනව..

පැවති ආන්ඩුවල හිටපු හොරු මාරුවෙන් මාරුවට මේ හොරාකෑම කරා.. ඒවගේම එක් කන්ඩායමක බලය නැති උනාට පස්සෙ බලය ගත්ත උන් බලය නැති උන උන්ට නීතිය ක්‍රියාත්මක කලේ නෑ.. දෙගොල්ල මාරුවෙන් මාරුවට දෙගොල්ලව රැකගත්තා..

ඇත්තෙන්ම වත්මන් ආන්ඩුවට කරනවා නම් කරන්න පුලුවන් එකම දේත් ඒ පරණ හොරකම්වලට නීතිය හරහා දැනෙන්ට දඬුවම් දීලා මේ වංචා දූෂණ චක්‍රය නවත්තන එක. අනුකම්පා විරහිතව සහ අනික් හොරුන්ට උන ගැනෙන්න අහුවෙච්ච හොරුන්ට දඬවම් ලබාදීමකින් තොරව මේ අඛණ්ඩ හොරකම නවත්තන්ට බෑ.. එහෙම උනොත් පරණ හොරු ආයේ බලයට පත් උනත් මින් ඉදිරියට කලින් කරා වගෙ බ්‍රේක් නැතිව නන්ස්ටොප් කරපු මහාපරිමාන හොරකම කාලෙකට නවතියි..

හැබැයි මාළිමා ආන්ඩුව විසින් කරන හොරු නැතිකරන කාර්යයටත් ලාංකීය ජනතාවට යම් වන්දියක් ගෙවන්න වෙනවා..

ඒ වන්දිය නම් හොරු ඇල්ලීමෙන් එහා මේ ආන්ඩුවට ගැඹුරු ආර්ථික දැක්මක් නැති අර්බූදය විසින් ඉදිරි වසර හතරාමාරක කාලය තුල රටේ ආර්ථිකය තව තව කඩාවැටීමේ අවදානමක් ඇතිවීමයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...