මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරක. ප්‍රදේශ කිහිපයක විදුලියත් බිඳවැටිලා !

Date:

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර විසින් පදවාගෙන ගිය මෝටර් රථය අධිබල විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඊයේ (26) රාත්‍රී 11.30 ට පමණ හෙම්මාතගම නගරයේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ මන්ත්‍රීවරයා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

තමන්ට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ.

අනතුර හේතුවෙන් හෙම්මාතගම නගරයට සහ අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටී ඇති අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ මාර්ගයට වැටී තිබූ විදුලි රැහැන් ඉවත් කර යළි විදුලිය ලබාදී තිබේ.

“දින හතරක් පමණ එක දිගට පක්ෂයේ සහ ජනතාවගේ විවිධ කටයුතු වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට සිදුවුණා. මාගේ පක්ෂ කාර්යාලය අරණායක තියෙන්නේ. සාමාන්‍යයෙන් එහි වැඩ ඉවර කරලා මම නිවසට එනකොට මධ්‍යම රාත්‍රීය වෙනවා. රියදුරා අරණායක ප්‍රදේශයේ කෙනෙක් නිසා මම ඔහු එක්කරගෙන එන්නේ නැහැ. කිලෝමිටර් 8ක පමණ දුර හැමදාම පදවාගෙන නිවසට එන්නේ මම තනිවම.

මේ අනතුර වුනේ නින්ද ගිහින්. හැපෙනකොට තමයි දන්නේ අනතුරක් වුනා කියලා. නමුත් ඒ වන විට මම පැමිණියේ ඊට වඩා අපහසු මාර්ගයක. නිවස පෙනිපෙනී තමයි මේ අනතුර සිදුවුණේ.

පොලීසියත් ආවා විදුලි බල මණ්ඩලයේ වගකිව යුතු නිලධාරීන් ආවා. හානි වූ විදුලි කණුවට ගෙවන්න ඇස්තමේන්තු සකස් කරලා දෙන්න කිව්වා. එතෙන ගැටලුවක් නැති නිසා වාහනය පටවාගෙන ගරාජ් එකට අරන් ගියා” යැයි රෝහල්ගතව සිටින මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...