රගර් තැබූ අලුත් ට්‍රයි එක

Date:

නිර්භිතත්වය,දුෂ්කර බව අනන්‍යතාවය වූ වික්‍රමාන්විත අමුතු ක්‍රීඩා රටාවන් හඳුන්වන්නේ ADVENTURE GAME හෝ ADVENTURE SPORTS හැටියට ය.මේ ක්‍රීඩාවන් හරහා ජීවිතයට එකතු කරන අභියෝගවලට මුහුණදීමේ හැකියාව වර්ධනය,නොපසුබස්නා බව,සාමූහික එකඟතාවය,අනොන්‍ය ගනුදෙණුව,ශීක්ෂණය සංයමය සහිත ක්ෂණිකව නිවැරදි තීරණවලට එළැඹීම වැනි ගුණාංග මෙහි අඩංගු වන බැවින් අද වන විට මේ ක්‍රීඩාවන් ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත.විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයට සහ සිය වෘත්තිමය භාවයට විහ්වාසය එකතු කරන අංගයක වන බැවින් අද බොහෝ ආයතනික හෝ වෙනත් සමූහයන්ගේ ක්‍රියාකාරකම් සඳහා ADVENTURE GAME එකතු විම සුලබ වී ඇත.
මේ ක්‍රීඩාවන් හි අනන්‍යතාවය ක්‍රීඩක වෘත්තීයභාවයට ද අතිශයින් වැදගත් වන අතර ක්‍රීඩාවක තිබිය යුතු සහ ක්‍රීඩකයාට තිබිය යුතු ගුණාංග සියල්ලම පාහේ මේ හරහා අර්ථවත් දිශානතිවකට ළඟා කරන බැවින් ක්‍රීඩා පිටියට බසින ක්‍රීඩකයා වඩා විශ්වාසවන්ත සහ අනොන්‍ය අවබෝධය සහ සුහදතාවයෙන් වැඩුණු ක්‍රීඩකයෙක් කරන්නට ADVENTURE GAME සඳහා විශේෂ තල්ලුවක් ලබා දීමට හැකිය.මේ අවබෝධය ඇතිව ලංකාවේ එවැනි ක්‍රීඩාවන් සම්බන්ධ විශේෂඥ උපදේශකයෙක් වන ශෙහාන් පිලපිටිය සමබන්ධ කරමින් ඉකුත් දිනෙක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා සත් සාමාජික කාන්තා සහ පිරිමි රගර් කණ්ඩායම්වලට ADVENTURE GAME ආශ්‍රිත සැසියක් ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකා රගර් ප්‍රශංසනීය අලුත් පියවරක් ගත්තේය.
ස්වීය ශක්තිය,ඥාණය,වේගය සහ සැළසුම් යොදා ගනිමින් සහ හුවමාරු කර ගනිමින් මෙම සැසියට උද්යෝගයෙන් සහ විනෝදයෙන් සහභාගි වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්ර් සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම සැසිය නියෝජනය කරපු අවස්ථා කිහිපයක් මේ සමඟ වන ඡායාරූපවලින් දැක් වේ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...

මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී...