තෙල් පෝලිම් තව අවුරුද්දක්වත් තියෙයි. පරිභෝජනය 46%කින් අඩු කරන්නම වෙනවා – කංචන

Date:

මෙරට මාසික ඉන්ධන පරිභෝජනය අනිවාර්යයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 650 සිට 350 දක්වා අඩු කළයුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.

“කිසිම සමාගමක් පෙර ගෙවුමක් නැතුව දැන් අපට ඉන්ධන ලබා නොදෙන තත්වයට පත්වෙලා තිබෙන්නෙ. ඩොලර් මිලියන 735ක් මේ රටෙන් ගෙවිය යුතුව තිබෙන අවස්ථාවක ඔවුන්ගේ සමාගම්වලින් තවදුරටත් ඉන්ධන ලබාගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් බවට පත්වෙලා තිබෙනවා. මම විශ්වාස කරනවා තව අඩුම තරමේ අවුරුද්දක කාලයක් ඉදිරියට මේ මූල්‍ය කළමනාකරණය නිසි ආකාරව සිදුවන තුරු අපට ඉන්ධන පෝලිම කියන එක නැතිකරන්න බැරි අවස්ථා එයි ඉදිරි කාලයේදී වුණත්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අපේ පරිභෝජනය ඩොලර් මිලියන 650 ඉඳලා 350ට අඩු කළයුතුයි. ඒක අඩුකිරීමේදී පොදු ප්‍රවාහනය, කර්මාන්ත, අත්‍යාවශ්‍ය විශේෂ සේවාවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!