ආණ්ඩුව භාරගන්න ලෑස්තියි. අපි කැමති කැබිනට් මණ්ඩලයක් හදාගන්න දෙන්න – අනුර (VIDEO)

රටේ පවතින අර්බුදය විසඳීම සඳහා හෙට වුවත් ආණ්ඩුව භාරගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මුළු රටක් මහා ඛේදවාචකයකට මුහුණ දෙමින් තිබෙනවා. මේ සඳහා කිසිදු සැලැස්මක් හෝ කිසිදු දැක්මක් සහිතව පාලනය කරන බවක් මේ ආණ්ඩුවෙන් පෙනෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ කියන්නෙ හිරිවැටුණු නායකයෙක්. මේ ජනතාවගේ වේදනාව පිළිබඳව හැඟීමක් තියෙන නායකයෙක් නෙවෙයි. කවුරුහරි හිතනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිව ගොඩගනී, ලෝක බැංකුව ඇවිල්ලා අපිව ගොඩගනී කියලා එහෙම වෙන්නෙ නෑ. රටක් කඩාවැටුණාම ඒ රට ගොඩනඟන්න ඕනෙ කවුද ? ඒ රටේ මිනිස්සු !

අපි ලෑස්තියි මේ රට ගොඩගන්න. හෙට ගෝඨාභය, රනිල් ඕගොල්ලො මේක දෙනවා නම් අපි භාරගන්න ලෑස්තියි, මේ රට හදන්න අපි ලෑස්තියි, මතක තබාගන්න. අපට වෙන මොකුත් ඕනෙ නෑ, අපට භාරදෙන්න ආණ්ඩුව. මේ පාර්ලිමේන්තුව ඇතුළෙ අපි කැමති කැබිනට් මණ්ඩලයක් අපට හදාගන්න දෙන්න. මේ ප්‍රශ්නය විසඳන ක්‍රියාමාර්ගයට මේ රට අවතීරණ කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපි මේක භාරගන්න ලෑස්තියි”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (26) අනුරාධපුර ප්‍රදේශයේ පැවති රැලියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...