රටේ ඔක්කොම ලෙඩ්ඩු, රනිල් තමා දොස්තර. නොවැම්බර් වෙද්දී රට ගොඩ එයි – වජිර

Date:

රට ගොඩගැනීම සඳහා සියලුම දෙනා සහයෝගය ලබාදෙන්නේ නම් නොවැම්බර් මාසය වනවිට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

දෙකෝටි තිස් ලක්ෂයක් වන ශ්‍රී ලංකාවේ මහජනතාව දැන් රෝගීන් බවට පත්ව ඇති බවත් එම රෝගීන් බලාගැනීමට පැමිණ සිටින විශේෂඥ වෛද්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාට ශාප නොකර සියලු දෙනාගේම ආශිර්වාදය ලබා දුනහොත් රට නිවැරදි කිරීමට හැකිවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම 2019 මහමැතිවරණයේදී එජාපය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කාරණා ජනතාව ඇසුවේ නම් මෙවැනි විපතක් රටට නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...