දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සජිත්ගේ රජයකින් මාස 06 ක් තුළ වන්දි

Date:

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ 60,000 ට ආසන්න පිරිසට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසඳුම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද (26) සමගි ජන බලවේග දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබා දීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

තම දේශපාලන ගමන ආරම්භ කිරීමෙන් පසු වැඩි කාලයක් විපක්ෂයේ සිටි බවත් එම කාලසීමාව තුළ 60,000 කට වැඩි ප්‍රමාණයක් රටේ ජනතාව දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බවත් පෙන්වා දෙන විපක්ෂ නායකයා සඳහන් කරන්නේ ඔවුන්ගෙන් බහුතරයකට තවමත් සාධාරණය ඉටු වී නොමැති බවයි. විපක්ෂයේ සිටින විට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් බොහෝ පොරොන්දු ලබා දුන්නද බලයට පත්වන පාලකයන්ට එම පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීම අමතක වන බවත් ඔහු පවසනවා.

ගුරුගේ නේචර් පාක්හිදී පැවති මෙම සම්මේලනය සඳහා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...