දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සජිත්ගේ රජයකින් මාස 06 ක් තුළ වන්දි

Date:

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ 60,000 ට ආසන්න පිරිසට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසඳුම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද (26) සමගි ජන බලවේග දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබා දීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

තම දේශපාලන ගමන ආරම්භ කිරීමෙන් පසු වැඩි කාලයක් විපක්ෂයේ සිටි බවත් එම කාලසීමාව තුළ 60,000 කට වැඩි ප්‍රමාණයක් රටේ ජනතාව දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බවත් පෙන්වා දෙන විපක්ෂ නායකයා සඳහන් කරන්නේ ඔවුන්ගෙන් බහුතරයකට තවමත් සාධාරණය ඉටු වී නොමැති බවයි. විපක්ෂයේ සිටින විට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් බොහෝ පොරොන්දු ලබා දුන්නද බලයට පත්වන පාලකයන්ට එම පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීම අමතක වන බවත් ඔහු පවසනවා.

ගුරුගේ නේචර් පාක්හිදී පැවති මෙම සම්මේලනය සඳහා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...