ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට විරෝධය පෑ තුර්කිය ඒ ගැන සාකච්ඡා කරන්න එකඟ වෙලා!

Date:

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළකරමින් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ස්වීඩනය සහ ෆින්ලන්තය උත්සාහ දරන බවට මීට ඉහත මාධ්‍ය වර්තා කර තිබිණි.

දෙරට විසින් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට විරෝධය ප්‍රකාශ කළ රාජ්‍යයක් වූයේ තුර්කියයි.

වසර 70 කට අධික කාලයක් පුරාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දැරූ තුර්කිය ස්වීඩනය සහ ෆින්ලන්තය එහි සාමාජිකත්වය ගැනීමට විරෝධය පළකර තිබුණේ, දෙරට කුර්දි ත්‍රස්තවාදීන් ට සහාය දක්වන බවට චෝදනා කරමිනි.

නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට නම් එහි සාමාජික රටවල් සියල්ලන්ගේම (30 දෙනෙකු) අනුමැතිය ඊට හිමිවිය යුතු අතර, විශාල හමුදා බලයක් සහිත තුර්කියේ සාමාජිකත්වය එහි ප්‍රභල භූමිකාවක් ඉටුකරනු ලබයි.

ඡායාරූපය: CNBC

ඒ අනුව, එවන් බලයක් හිමි තුර්කියම ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයට සම්බන්ධ වීම සඳහා අයදුම් කිරීමට විරෝධය පෑම දෙරටට තීරණාත්මක කරුණක් විය හැකිය.

මේ අතර, තුර්කි ජනාධිපති ටයිප් අර්දොගන් පවසා සිටියේ එළඹෙන ජූනි 29 – 30 දෙදින තුළ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට පෙර ස්වීඩනය සහ ෆින්ලන්තය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා අදහස් කරන බවයි.

එමෙන්ම, මැඩ්රිඩයේ පැවැත්වීමට නියමිත මෙම සමුළුවට පෙර නේටෝ සංවිධානය සමඟ මීට අදාළව සාකච්ඡා පැවැත්වීමට තමා අදහස් කරන බව තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම සාකච්ඡා අද සහ හෙට දිනයේ පැවැත්වීමට නියමිත මුත්, එය පැවැත්වූ සැනින් ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම අනුමත කිරීමක් සිදුනොවන බව ද ඔහු අවධාරණය කර ඇත.

මෙම සාකච්ඡා වලට තුර්කි ජනාධිපති ටයිප් අර්දොගන් ට අමතරව, එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය සෙදත් ඔනාල් ද සම්බන්ධ වන බවට සඳහන්.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...