ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා නියමුවන් පුහුණු කිරිම පිළිමතලාවේදී!

කොළඹ LNW:ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීමේ ජ්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය සඳහා බිම් මට්ටමේ නායකයන් පුහුණූ කිරීමේ වැඩසටහන පිළිමතලාව ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ දී ආරම්භ විය.

ජනාධිපති ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ග්‍රාම සංවර්ධන හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ මෙහෙයවීම මත මධ්‍යම හා සබරගමුව පළාත් සභා, මහනුවර, නුවරඑළීය, මාතලේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ එම දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පිරිදි 100ක පමණ නිලධාරීන් පිරිසක් පුහුණූ කිරීම මෙහිදී සිදුවිය.

ඒ අනුව ඉදිරියේදී ග්‍රාමිය මට්ටමින් සිදුකර සංවර්ධන ව්‍යාපෘතිවලදී මූලිකත්වය ගැනීම මෙම නිලධාරීන් වෙත පැවරෙන බව ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලයේ සන්නිවේදන හා පුහුණු අධ්‍යක්ෂ සෝමසිරි ඒකනායක මහතා පැවසීය.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රධාන තේමාව අනුව දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ දී දිළිදු බව ප්‍රධාන බාධාවක් වී ඇති බැවින් එම දිළිදු බව තුරන් කිරීම ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක් යැයි ඒ මහතා කීවේය. මෙරට ජනගහණයෙන් පුද්ගලයන් හයකට එක් අයෙකු බහුමානික දරිද්‍රතාවයෙන් පෙළෙන බව කී ඒ මහතා නිලධාරීන් පුහුණූ කිරීමෙන් අනතුරුව දිළිදු බව තුරන් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරන බව ද පැවසුවේය.

පිළිමතලාව ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී 16 සහ 17 දෙදින තුළ සිදුකරන පුහුණුවෙන් අනතුරුව සෙසු පළාත් පුහුණූ වැඩසටහන් දියත් කිරන බවත් ඒ අනුව නිලධාරීන් 400ක පමණ පිරිසක් පුහුණු කොට අදාල මෙහෙයුම් කටයුතු සඳහා යොදවන බව ද අධ්‍යක්ෂ සෝමසිරි ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් රොහාන් ජයතිලක, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර කුමාර, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ප්‍රසාද් කෝරළගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...