ආණ්ඩු පක්ෂයේ ඉදිරි පේළිවල ඉන්නවා අත්හිටවූ සිරදඬුවම් ලබපු අය. මේ දැනුත් ඉන්නවා – අජිත්

ආණ්ඩු පක්ෂයේ ඉදිරි පේළිවල මහාධිකරණය හමුවේ වැරදිකරු වී අත්හිටවූ සිරදඬුවම් නියම වූ අයත් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඇඹිලිපිටිය මහාධිකරණයෙන් එසේ දඬුවම් ලැබූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු පිළිබඳ ලේඛන ද තමන් සතුව පවතින බවයි අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ.

“ඊයෙ දවසේ ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව තුළ ශිෂ්ඨ වෙන හැටි ගැන කිව්වා. එතුමාම කලින් කියලා තියෙනවා අපි කාලා බලලා නෙවෙයි දේශපාලනය කරන මිනිස්සු තෝරාගන්නෙ කියලා. පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ගෙ පියා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙක් වෙනකොට, තමන්ගෙ පක්ෂයේ ප්‍රධානතම ආධාරකරුවෙක් සහ අරමුදල් සපයන්නෙක්ගෙ දරුවෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙනකොට එතුමා මේ පාර්ලිමේන්තුවේදී කිව්වේ අපි කාලා බලලා නෙවෙයි දේශපාලනයට පුද්ගලයෝ තෝරගන්නෙ, අපේ අය අතරත් වැරදි මිනිස්සු ඉන්නවා කියලා. ගරු සභාපතිතුමියනි, අපේ පක්ෂයේ වැරදි අය ඉන්නවා නම් ඒ අයට අපි දඬුවම් කරනවා, ඒ අයව අපි පක්ෂයේ වැඩවලින් ඉවත් කරනවා, ඒ පිළිබඳව අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා.

හැබැයි දැන් අද මේ සභාව තුළ කී දෙනෙක් මෙතන මගේ ඇස් මානයේ ඉන්නවාද අත්හිටවූ සිරදඬුවම් තියෙන අය ? අධිකරණ ඇමතිතුමනි, ඔබතුමාලාගෙ රජයේ මේ ඉස්සරහා පේළිවල දැන් ඉන්නවා. එක, දෙක, තුන, හතරවෙනි පේළියේ ඉන්නෙ. සමන්මලී මන්ත්‍රීතුමියට සැකද ? ඔබතුමියගේ පේළියේම ඉන්නෙ. අත්හිටවූ සිරදඬුවම්, ඇඹිලිපිටිය මහාධිකරණයෙන්. මේ සම්පූර්ණ සහතික මා ගාව තියෙනවා. මම මෙතන නම කියන්න යන්නෙ නෑ, මට පෞද්ගලිකව එතුමා එක්ක ප්‍රශ්නයක් නෑ. එතුමාගෙ නායකයා ඊයෙ මෙතන කියපු දේ නිසා කියන්නෙ. කෙනෙකුට වරදක් වෙන්න පුළුවන්, පසුතැවිලි වෙන්න පුළුවන්, මහාධිකරණයකින් වරදකරු වෙලා අත්හිටවූ සිරදඬුවම් නියම වුණාම යහපත් ලෙස ජීවත්වෙලා ඒක අකාමකා ගන්න තියෙන අයිතිය මම පිළිගන්නවා. ඒ මන්ත්‍රීතුමා මගේ ඇස් මානයේ ඉන්නවා, මම එතුමාගෙ නම කියන්නෙ නැත්තෙ එතුමා මේ සභාවේ ක්‍රියාකාරීව කටයුතු කරන නිසා”

අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...