විකුණන්න නෙමෙයි ප්‍රතිව්‍යුහගත කරන්නයි ඕනෑ – නිමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : සමාගමේ සියයට 51ක කොටස් රජය සතුව පවත්වාගෙන යමින් , ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකරමින් පවතින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් පැවසීය .

“විකුණන්න නෙමෙයි මේක ප්‍රතිව්‍යුහගත කරන්න රජය තීරණය කළේ, මීට මාස 8කට විතර ඉස්සර. දැන් ඒ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අපි කරගෙන යනවා. රැකී රක්ෂා 6,000ක් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ. අපේ තියෙන ලෑන්ඩින් සයිස් ටික ආරක්ෂා කරන්න නම් 49%ක් පමණයි කොටස් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 51%ක් ශ්‍රී ලංකාවේ තියාගන්න ඕනේ. එහෙම තමා කරන්න යන්නේ. එහෙම නැතුව කරන්න ක්‍රමයක් නෑ.

සාමාන්‍යයෙන් VIP පුද්ගලයින්ව දැඩි පරීක්ෂාවට ලක්වෙන්නේ නෑ. මේක ගතානුගතිකව තියෙන දෙයක්. එහෙම නම් කාලානුරූපීව අපිට ඕන නම් ප්‍රභූ පර්යන්තය රජය තීන්දුවක් ගන්නවා නම් අපිට නැතිකරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඕනේ නම් අහෝසි කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තුවේ කවුරුත් එකතුවෙලා කිව්වොත් ප්‍රභූ පර්යන්ත ඕනේ නෑ කියලා මම ඒකට එකඟයි.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...