*
Friday, September 20, 2024
spot_img

Latest Posts

සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට රුපියල් බිලියන 41ක්!

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා ලෝක ප්‍රකට ප්‍රති-රක්ෂණ සමාගමක්, සහ HSBC බැංකුව යනාදියේ අනුග්‍රහය ඇතිව රු. බිලියන 41 (ඇ.ඩො. මිලියන 135) ක ඒකාබද්ධ ප්‍රදානයක් (hybrid grant scheme) මෙරටට ලැබීමට නියමිතව තිබේ. පාස්කු බෝම්බ ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම ප්‍රදානයේ අරමුණයි. ශ්‍රී ලංකා රජය හෝ මෙරට පුරවැසියන්ට ඔවුන්ගේ සාක්කුවෙන් මුදල් ගෙවීමට අවශ්‍ය නොවන කාලයක් එළඹ ඇත.

2030 වසර වන විට ශ්‍රී ලංකාව සංචාරකයන් 4,000,000 ඉක්මවීමට සහ එමඟින් විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට අපේක්ෂා කරන අවස්ථාවක මෙම මුලපිරීම සිදුව ඇත. 2022 දී ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ 720,000ක් පමණ සංචාරකයන් පිරිසක් වන අතර එය ත්‍රස්තවාදී ප්‍රහාර සහ කොවිඩ්-19 වසංගතයට පෙර 2018 දී පැමිණි 2,300,000 ප්‍රමාණයට වඩා බොහෝ ලෙස පහළ මට්ටමක පැවතිණි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරයක් පැමිණෙන්නේ අසල්වැසි රටවලින් වන අතර, අවාසනාවකට මෙන් මෙම සංචාරකයන්ගෙන් බහුතරයක් රක්‍ෂණ රහිත ය. වෛද්‍ය අවශ්‍යතාවයකදී, මෙම අනාරක්ෂිත සංචාරකයන් රටේ භාණ්ඩාගාරයෙන් යැපෙන රජයේ වෛද්‍ය පද්ධතියෙන් වෛද්‍ය සේවාවන් ලබා ගන්නා අතර රජය ඊට ද ගෙවීම් සිදුකළ යුතුය.

විදෙස් සංචාරකයන් සඳහා වන මෙම වෛද්‍ය සහ සංචාරක රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම මඟින්, ඊට සමාන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන තායිලන්තය, සවුදි අරාබිය, එන්. සයිප්‍රසය, රුසියාව, බොට්ස්වානා, කැමරන්, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, අරූබා, ජැමෙයිකාව, කොස්ටා රිකාව, සහ පැනමා වැනි රටවල් හා සමාන වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ. මෙය යුරෝපා සංගමයේ සංචාරක විධිවිධාන හා ද සමපාත වේ. මෙම රක්ෂණ ක්‍රමය මඟින් ඔවුන්ගේ සියලුම වෛද්‍ය ප්‍රතිකාර ඇතුළුව වෛද්‍ය වියදම් සහ අවශ්‍ය නම් ආපසු ගෙන්වා ගැනීම් මෙන්ම, ජාතික ආපදා තත්ත්ව (සුනාමි, ත්‍රස්ත ක්‍රියා, වසංගත තත්ත්ව වැනි), ගුවන් ගමන් අවලංගු කිරීම් සහ නැතිවූ ගමන් බලපත්‍ර වැනි වෙනත් අනපේක්ෂිත සිදුවීම් ද ආවරණය කරනු ඇත.

මෙම සංචාරක රක්‍ෂණ යෝජනා ක්‍රමය සංචාරකයන්ට මෙන්ම රටටත් ජයග්‍රාහී තත්ත්වයක් උදා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරකයන්ට අඩු වියදමකින් පරිපූර්ණ රක්‍ෂණ යෝජනා ක්‍රමයක් සඳහා ප්‍රවේශය ලැබෙන අතර, සංචාරක ආදායම ඉහළ යාමෙන් රටට ප්‍රතිලාභ ලැබීමද ඉහළ යනු ඇත. මෙම යෝජනා ක්‍රමය සඳහා ඩොලර් 35ක් වැනි අඩු වාරිකයක් හරහා අරමුදල් සපයනු ලබන අතර, එය දින 30ක රැඳී සිටීම සඳහා සංචාරකයන්ගේ ගුවන් ටිකට් පතට ඇතුළත් වේ. මෙම දෛනික වියදම ආපන ශාලාවක වතුර බෝතලයක් සඳහා යන වියදමටත් වඩා අඩුවන අතර, මෙම රක්ෂණ ක්‍රමය ඔස්සේ සංචාරකයන්ට ජාත්‍යන්තර මට්ටමේ රෝහල් හා වෛද්‍ය සේවාවන් වෙත පිවිසීමේ අවකාශ ලබා දෙනු ඇත.

මෙම රු. බිලියන 41 ක ඒකාබද්ධ ප්‍රදානය සංචාරක කර්මාන්තය තවදුරටත් නඟා සිටුවීමට පිටුවහලක් වනු ඇති අතර, සංචාරක රක්ෂණ ක්‍රමයේ වියදම් ද පියවනු ඇත. මෙය වසර 10ක් ඇතුළත අයකර ගැනීමට හැකි වනු ඇති අතර, වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමටත් ආර්ථිකය නංවාලීමටත් මෙම වැඩපිළිවෙළ ඉවහල් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා සංචාරක කර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් සිදුකරමින් සිටින අතර, මෙම ක්ෂේත්‍රය පාස්කු ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට පත්ව තිබේ. මෙරට සංචාරක කර්මාන්තයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මේ වන විට 2022 දෙසැම්බර් 31 වන දින අවසන් වූ මූල්‍ය පමාසහන කාලයකට (financial moratorium) ලක්ව සිටියි. මෙම පමාසහන කාලය අවසන් වීම හමුවේ වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම අවහිර කර තිබේ. ඒ අනුව, සුළු හා මධ්‍ය පරමාණ ව්‍යාපාර දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති අතර, පවතින ණය ශේෂ අයකර ගැනීමේ අරමුණින් මූල්‍ය ආයතන විසින් ඒවාහි වත්කම් ඈවර කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවට නිරීක්ෂණය කළ හැකිය.

ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තිරසාරභාවය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම සඳහා සහාය ලබා දීම කෙරේ වහා අවධානය යොමුකළ යුතුව ඇත. සංචාරක සේවා සපයන්නන්ගෙන් 80% ක් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට අයත් ය. මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට හෝටල්, විලාස්, හෝම් ස්ටේස්, සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක මාර්ගෝපදේශකයන් සහ ආපනශාලා (ආහාර පාන සේවා සපයන්නන්) ඇතුළත් වේ. එවැනි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඔවුන්ගේ දේශීය බැංකුවලින් මෙම යෝජනා ක්‍රමය යටතේ සහනදායී ණය සඳහා ඉල්ලුම් කළ හැකිය. ඉන් රජය ද ලාභ ලබනු ඇත.

සමස්තයක් වශයෙන් මෙවන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සහ ඊට සමඟාමීව ඒකාබද්ධ ප්‍රදානයක් ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ ධනාත්මක පියවරක් තබනු ඇත. මෙවන් ක්‍රියාන්විතයක් දියත් කිරීම හරහා, රජයට පෞද්ගලික අංශය සමඟ එක්ව සංකීර්ණ ගැටළු සඳහා නවමු විසඳුම් සෙවීමට ඇති හැකියාව කෙරේ මනා නිදසුනක් සපයයි. මෙම ව්‍යාපෘතිය මඟින් 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව අපේක්ෂිත සංචාරක පැමිණීම් මිලියන 4 ඉලක්කය සපුරා ගැනීමට හා ඉන් ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කෙරේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan