*
Sunday, June 30, 2024
spot_img

Latest Posts

ඇතැම් කරුණු ගැන රනිල් සහ අපි අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් නැහැ – නාමල්

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන්නද ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අණපනත් වලට සහය දුන්නද එකඟ නොවුණු කාරණා තිබුණු බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

පවතින දේශපාලන තත්ත්වය කෙසේවෙතත් මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය පොහොට්ටුව බව හෙතෙම කියාසිටියි.

ඒ හේතුවෙන් අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය තමන් නියෝජනය කරන පක්ෂය බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

“ගමේ ගොවියන්ගේ දරුවන්ට උගන්වලා තාක්ෂණ ඵීඨයට යවලා ලෝක රැකියා වෙළෙඳපලේ ඉල්ලුමට සරිලන රැකියාවක් කරන්න පුළුවන් වැඩපළිවෙල ආරම්භ කළේ ඒ නිසායි. ඕනම ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අපි අතින් වැරැදි සිදුවන්න ඇති. නමුත් අපි වගකීමකින් කියනවා අපේ පක්ෂයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය කියන එක කියා. අපි එය නවීකරණය කරනවා. තාක්ෂණය සමඟ බද්ධ වියයුතු වෙනවා. ඔබේ දරුවාට හොද රැකියාවක් කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් පරිසරය හදන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. අපි එය ආරම්භ කළා. අවාසනාවට ආණ්ඩුව පෙරළියත් සමඟ අපිට ඒක ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පත්කළා. අපි එතුමාට සහාය දුන්නා. නමුත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නේ නැහැ. ඇතැම් අණ පනත්වලට සහාය දුන්නත් අපි එකඟ නොවූ කාරණා තිබෙනවා. ඒක අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ නැහැ.අපිට වුවමනාව තිබුණා පෝලිම් ඉවත් කොට, විදුලි කප්පාදුව අවසන් කරන්න. දරුවන් අපේක්ෂා කරන තාක්ෂණයත් සමඟ ජනතා සේවය සලසන යුගයක් අපි නිර්මාණය කළයුතු වෙනවා. එවැනි දියුණු ලෝකයක් කරා අපේ රටත් රැගෙන යන්නයි අපි අපේක්ෂා කරන්නේ. ඇතැම් දේශපාලන පක්ෂ දෙපැත්තට බෙදිලා විවාද කරනවා. අපි වැඩ කරලා පෙන්නපු දේශපාලන බලවේගයක්. අපි වැඩකර තිබෙනවා. අපි වැඩකරලා පුරුදුයි. මහ පොලොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂයක් අපි” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan