*
Monday, July 1, 2024
spot_img

Latest Posts

දොං සිමොන් පටලා ගැනිම නිසා ඩිල්රෝයිටත් චෝදනා එන ලකුණු

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 28, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගල චරිත කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිලි කිරීමක් ඊයේ වාර්තා විය.හිටපු සභාපතිවරයෙක් වූ රිස්ලි ඉල්ලියාස් එම චෝදනා ඉදිරිපත් කළ අතර එයින් රගර් ගිණුම ණය කිරීම,රගර් පරිපාලනය ජාත්‍යන්තර වශයෙන් දඩයකට යටත් වන ආකාරයේ තීරණවලට එළැඹීම ආදිය චෝදනා ලෙස පෙන්වා දී තිබිණි.


අද අප වෙත වාර්තා වන්නේ ඩිල්රෝයි ප්‍රනාන්දුට ද එවැනි චෝදනා ගණනාවක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවය.ඒ චෝදනාවලින් ඩිල්රෝයි මෙන්ම ඔහු සම්බන්ධ කර ගැනීමට සම්බන්ධ වීම නිසා තවත් පිරිසකට ද වරදකරුවන් නොවී වුව ද නීතිමය ක්‍රියාමාර්ග හමුවේ පෙනී සිටීමට සිඳුවනු ඇති බව ද එම කරුණුවලින් වාර්තා වේ.


අවස්ථා දෙකකදීම ඔහුගේ ක්‍රීඩා භාණ්ඩ සැපයිම සම්බන්ධ ආයතනයක් තිබියදී රගර් පුහුණුකරුවෙක් වශයෙන් සහ රගර් පරිපාලනයේ යම් යම වගකීම්වලට සම්බන්ධ වීමට නොහැකි බව ශ්‍රී ලංකා රගර් වෙත දන්වා ඇත.ඇතැම් අවස්ථාවන්වලදී නීතීඥයන් මාර්ගයෙන් ද,එවැනි තත්ත්වනයන් හී වැරදිකාරී බව ක්‍රීඩා පණත සහ ශ්‍රී ලංකා රගර් ව්‍යවස්ථාව හරහා පෙන්වා දෙමින් එම සබඳතා නැවත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇතත් ඒවා සම්පූර්ණයෙන් නැවතී නැති බව ද පෙන්වා දෙන්නේය.


පුහුණුකරුවෙක්,විනිසුරුවෙක් වැනි භූමිකා හරහා ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට සම්බන්ධ වීම මෙන්ම එවැනි වගකීම් දරමින් ශ්‍රී ලංකා රගර් වෙත භාණ්ඩ අලෙවි කිරිම වැනි කරුණු ද ඔහුට චෝදනා ලෙස එල්ල වී ඇත.මේ තත්ත්වය යටතේ යම් ක්‍රීඩා සමාජයක් හෝ පාසලක් ඔහුව රගර් පුහුණුවට හෝ උපදේශනයට හෝ වෙනත් රගර් සම්බන්ධ වගකීමකට සම්බන්ධ කර ගන්නේනම්,ඩිල්රෝයි ඊට සම්බන්ධ වන්නේ එම පාර්ශවයන්ට රගර් ව්‍යවස්ථාවේ සහ රටේ ක්‍රීඩා පණත යටතේ තමන්ට ඇති නීතිමය අවහිරතා නොපෙන්වා දීමෙන්ය.දැනුවත් කිරීමකින් තොරව ඔහු මේ ආකාරයට කුමන හෝ පාසලක හෝ ක්‍රීඩා සමාජයක වගකීමකට සම්බන්ධ කරගෙන ඇත්නම් එම වරදට එරෙහි නීතිමය කටයුත්තකදී ඔවුන්ට ද නීතිය හමුවේ කරුණු දැක්වීම සඳහා සහභාගි වීමට සිඳුවනු ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.අඩුම තරමේ පැවති යම් යම් රගර් පරිපාලන මේ තත්ත්වයන් වාර්තා වීමෙන් පසුව ඔහුට පවරන ලද වගකීම්වලින් ඉවත් කර ඇති බව ද,එම කරුණු තිබිවදී ඇතැම් අය ඩිල්රෝයිව යළි රගර් වලකීම්වලට කැඳවීම සහ ඔහු සමඟ ශ්‍රී ලංකා රගර් එකතු කරමින් විවිධ කටයුතු කරන්නට ද ක්‍රියා කර ඇති බව ද මේ ආකාරයට එල්ල වන චෝදනාවලට පදනම් වි තිබෙන බව වාර්තා වේ.


ඔහු උගත් පාසලේ ආදි රගර් සංගමය ද ඩිල්රෝයි සම්බන්ධයෙන් ඔහුව කිසිඳු කටයුත්තකට සම්බන්ධ කර නොගැනීමේ තීරණයකට එළැඹ ඇති බව ද,එම කරුණු ද මෙම එල්ලවන චෝදනාවලට සාක්ෂි ලෙස සහය වනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.


කෙසේ නමුත් ඩිල්රෝයි පෙරේරාට මේ ප්‍රවෘත්තියට අදාළව අප වෙත ඇති තොරතුරු අසත්‍ය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉඩක් ඇත.ඒ අනුව ඔහුට රගර් කීඩා භාණ්ඩ සම්බන්ධ ව්‍යාපාරික ආයතනයක් නැත්නම් හෝ ඔහු රගර් ක්‍රීඩාව සමඟ සම්බන්ධ වෙමින් වගකීම් දරමින් සිටින අතර තුර එම ආයතනය හරහා ශ්‍රී ලංකා රගර් වෙත භාණ්ඩ අලෙවි කිරීමක් සිඳු කර නැත්නම් හෝ වෙළද ආයතනයක් තිබියදී ඔහු රගර් සම්බන්ධයෙන් නිල වගකීම් දැරීමට ඉදිරිපත් වී නැත්නම් හෝ තමන් උගත් විද්‍යාලීය රගර් ක්‍රීඩාව සඳහා ඔහු සම්බන්ධ කර නොගන්නා බවට ඇති තොරතුර වැරදි සහ එවැනි තීරණයක් ගෙන නැත්නම් අප වෙබ් අඩවියේ ඔහුගේ නිවැරදි කිරිම පළ කරන්නට අපි බැඳී සිටින්නෙමු.


අපි මේ ආකාරයට අවස්ථා ගණනකදීම රගර් සම්බන්ධ චෝදනාවන් ඉදිරිපත් කරන විට එම තොරතුරුවල නිර්වද්‍යතාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් මැදිහත් වීමේ ඉඩ ඇති බව පෙන්වා දී ඇත්තෙමු.එහෙත් කණගාටුවට කරුණ ඔවුන් එම ඉඩ ප්‍රයෝජනයට නොගෙන,වැරදි දෙයක් වේ නම් නිවැරදි කිරීමට ඒ හා සමාන ඉඩක් දීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන නැත. ඒ වෙනුවට සමාජයේ විවිධ වගකිව යුතු චරිත හරහාත්,තමන්ම ඉදිරිපත් වීත් ඔවුන් සම්බන්ධයෙන් කරන වාර්තා නවතා දෙන ලෙස වෙබ් අඩවියේ පාලනාධිකාරයට කරුණු දැක්වීම පමණක් ඔවුන් කර ඇත.


ක්‍රීඩා අංශයේ මැදිහත්වීම ඕනෑම ක්‍රීඩාවක හිතසුව පිණිස වන අතර ඕනෑම කෙනෙකුට ක්‍රීඩාව වෙනුවෙන් පිළිගත හැකි සාක්ෂි සහිතව ගෙන එන චෝදනා ඊට ප්‍රතිවිරුද්ධ අදහස් ඇති අයටද ඒ ආකාරයටම අප ගොනු කර ඇති කරුණු නිවැරදි නොවන බව කියන්නට ඇති ප්‍රබල සාක්ෂිත් සමඟ කරුණු ඉදිරිපත් කරන්නට අවස්ථාව දෙනු ලැබේ.
මෙහිදී ද අපට පෞද්ගලිකව ඩිල්රෝයි සම්බන්ධයෙන් ගැටළුවක් නැති අතර ඔහු ඉති ඉහළ දැණුමක් ඇති විනිසුරුවරයෙක් ලෙස ජාත්‍යන්තර අවධානය දිනා ගත් අයෙක් බව අපි දනිමු.එහෙත් මෙහිදී වැදගත් වන්නේ එම දැනුමට අදාළ වෘත්තීය භාවිතයට ගැනීමට හ්‍රී ලංකාවේ ක්‍රීඩා පණත සහ රගර් ව්‍යවස්ථාව අනුව ඉඩක් නැති වීම නොසළකා හැර එකවර ඒ මාර්ග දෙකේම ඩිල්රෝයි ගමන් කරන්නට උත්සාහ කිරීම නිසා චෝදනාලාභියෙක් වී සිටීමය.ඔහුට ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රායෝගිකව මැදිහත් වීමට අවශ්‍යයමනම් ඔහුට සහ බිරිඳට දායකත්වය ඇති ව්‍යාපාරික ආයකනයෙන් ඉවත්ව අවශ්‍යය කාලය නිහඩව සිට රගර් සමඟ ක්‍රියාකාරී විමට ඉඩ ඇත.එහෙත් ඔහුට මේ චෝදනාවලට ලක් වන්නට යන්නේ ගොඩම බදා ගැනීමෙන් යම් යම් නීතිමය කාරණා උල්ලංඝණය වීම නිසාය.

දොන් නම් දොං සිමොන් නම් සිමොන් දොං සිමොන් දෙකක් බැහැ යන්න අපේ ගැමි වහරේ එන කියමනකි.ඩිල්රෝයිට ද චෝදනා එල්ල වි ඇත්තේ දොං සිමොන් තෝරා ගන්න යාමෙන්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan