චීනයේ යෝධ පැන්ඩා යළිත් ඇමරිකාවට!

Date:

කොළඹ LNW:ඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමග පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රියාවේ Tiergarten Schönbrunn සත්වෝද්‍යානය සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පිළිබඳ නව ගිවිසුමක් අත්සන් කළ බව චීන වනජීවී සංරක්ෂණ සංගමය නිවේදනය කළා. එසේම, “Yunchuan” සහ “Xinbao” නමැති යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකු ඇමරිකාවේ San Diego සත්වෝද්‍යානය වෙත පිටත් කිරීමත් සමග චීන-ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා යළි ආරම්භ වී ඇති බව ද එම සංගමය කියාසිටියා.

වසර 20 කට අධික කාලයක් තිස්සේ චීනය අදාළ සත්වෝද්‍යාන සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පවත්වා තිබෙනවා. මෙම සංරක්ෂණ සහයෝගිතා ඔස්සේ එම සතුන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු වනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණයට කළ යුතු දේ BOI සභාපතිවරයා අවධාරණය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවට විදේශ...