රාජ්‍ය බැංකු සේවකයින්ගේ කළු විරෝධය!

0
105

කොළඹ LNW:රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (28) කළු සිකුරාදාවක් ලෙස නම් කර තිබුණු අතර ඊට සමගාමීව අද දහවල් ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී ”කළු පිකට් උද්ඝෝෂණයක්” සංවිධානය කර තිබුණි.

මෙලෙස විරෝධයක් සංවිධානය කර තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩල නිර්දේශ කළ සාමුහික ගිවිසුම් යෝජනා භාණ්ඩාගාර නිලධාරීන් විසින් කප්පාදු කිරීමට එරෙහිවයි.

එම සාමූහික ගිවිසුම් කප්පාදුවට එරෙහිව මීට පෙරත් රාජ්‍ය බැංකු වෘත්තීය සමිති විසින් විරෝධතා මතු කළද රජය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය යොමු නොකිරීම මෙලෙස කළු විරෝධයක් දක්වා එය දිගුවක් වීමට හේතු වී තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/673/protest-by-public-sector-bank-employees