*
Monday, July 1, 2024
spot_img

Latest Posts

ටෙන්ඩර් නොදා හොර පාරෙන් එන්න හැදූ මන්නාරම සුළං විදුලි බලාගාරය කෝටි ගණනක මුදල් කොල්ලයක්!

කොළඹ LNW:මන්නාරම් ප්‍රදේශයේ මෙගාවොට් 500ක සුළං විදුලි බලාගාරයක් සෑදීම සඳහා රාජ්‍ය ගිවිසුමක් කියා තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව ඇ. ඩොලර් ශත 8.26ක මුදලකට එම ගිවිසුම ලබා දීමට රජය එකඟ වී ඇති බවත් තරගකාරී ක්‍රමවේදයෙන් ගියොත් මීට වඩා අඩු මුදලක් ලබා ගත හැකි බවට සමගි ජන බලවේගය පැවසුවත් ඒ කිසිවක් රජය නොතකා කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලි බල මණ්ඩලය මෙගාවොට් 50ක විදුලි බලාගාරයක් වෙනුවෙන් තරගකාරී ක්‍රමයට ටෙන්ඩර් කැදවා තිබුණත් මෑතක් වන තුරු එම ටෙන්ඩර් විවෘත නොකර සිටි බවත් එයට හේතුව මේ අනීතික ගිවිසුම අත්සන් කිරීමට වුවත් පෙරේදා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 50 තරගකාරි ටෙන්ඩරයේ මිල විවෘත කර බැලූ විට මෙගාවොට් 50ක මිල ගණන වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් ශත 4.8ක් බවත් තරගකාරීත්වයෙන් තොරව ගිය මෙගාවොට් 500 ව්‍යාපෘතියේ මිල ගණන් වන්නේ ඇමෙරිකානු ඩොලර් ශත 8.26ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව රජයේ හොරකම එළිපිටම සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ මෙගාවොට් 50 මිල ගණන් දැන ගන්නා තුරු මෙගාවොට් 500 මිල ගණන් තීන්දු කරන්න එපා යැයි සමගි ජන බලවේගය පැවසුවත් එවා නොඅසා කැබිනට් එක අනීතිකව කමිටුවක් පත් කර දෙවැනි ටෙන්ඩරයේ මිල එළියට එන්නට පෙර මෙගාවෙට් 500 ඉහළ මිල අනුමත කර ඇති බවත් හෙතෙම කියාසිටියේය.

මේ වන විට මහජන උපයෝගිතා කොමිසම ඒ සියල්ල නතර කර ඇති අතර ඔවුන් මෙගාවෙට් 500 තරගකාරීත්වයෙන් තොරව ගිය ගමනේ ගිවිසුමත් නීතිපතිගේ එකගතාවත් විමසා ඇති බවත් මේ සියල්ලට තවම පිළිතුරු නොමැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙි බව කියා සිටියේ අද (28) රත්නපුරයේ පැවැති සමගි රණවිරු බලවේගයේ 7 වැනි දිස්ත්‍රික් සභා රැස්වීම අමතමිනි.

මේ වැඩිවුණ ඇ. ඩොලර් ශත ප්‍රමාණය හොරා කෑවේ කවුද කියා දැනගත යුතු බවත් ලැජ්ජා නැතිව ගජමිතුරු ගිවිසුමකට එළැඹුණු අය කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෑත කාලයේ විවිධ වරදාන වරප්‍රසාද ලබා දෙන බවත් රටේ දේපල රටේ සම්පත කුණු කොල්ලයට තරගකාරී ක්‍රමයක් නොමැතිව අලෙවි කරන බවත් බියර් පර්මිට් බාර් පර්මිට් ලබා දෙන බවත් මෙවර ජනාධිපතිවරණ ජයෙන් පසුව සමගි ජන බලවේගය මේ සියලු අනීතික ක්‍රියා අවලංගු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බේරා ගත් මානුෂීය මෙහෙයුමට නොදෙවෙනි මෙහෙයුමක් නැවතත් කරන්න වෙනවා

මේ වන විට රටේ ඇති බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව වන්නේ රටේ සම්පත් හා දේපල මහදවල් අමු අමුවේ කොල්ලකාපු කණ්ඩායම් රාජ්‍ය රැකවරණය තුළින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන මොහොතක ලක්ෂ 220ක් ජනතාව කරපිට අසීමිත බදුබර පැටවීම නිසා බවත් රටේ ලක්ෂ 220 වෙනුවෙන් කිසිදු ප්‍රායෝගික තිරසර විසඳුමක් රජයට නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරන ලදී.

රණවිරුවන්ගේ මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් මංකොල්ලකාරයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්වය ලබා දෙන්න පෙරට එන ලෙසද එහිදී ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan