*
Sunday, July 14, 2024
spot_img

Latest Posts

රට කඩා වැටෙද්දී සැඟවී දුවන සපත්තු හෙවූ විපක්ෂය රට වෙනුවෙන් ඉදිරිපත් වූ තනි මිනිසාගේත් කකුලෙන් අදිනවා – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක ජුනි 28, කොළඹ (LNW):

රට කඩා වැටුණු මොහොතේ දුවන සපත්තු සොයා පැන ගිය විපක්ෂය, රට වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කරන එකම පුද්ගලයාගේද කකුලෙන් අදිමින් රට යළි කඩා වැටෙන තුරු බලා සිටින බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් වන සුබාරංචියක් එන බව පවසන විට එම පාර්ශ්ව වැඩවර්ජන, උද්ඝෝෂණ ආරම්භ කරමින් කටයුතු කරන බවත් , අද (28) මඩකලපුව හින්දු විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනට සහභාගි වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය .

මඩකපලපුවේ දරුවන්ගේ, මිනිසුන්ගේ ඉවසීම ආදර්ශයට ගන්න ඕනේ දේශපාලනය කරන ඔය කයියනායකලටත් එහෙම පුළුවන් වුණා නම් අර්බුදය වෙලාවේ හැංගෙන්නේ නැහැ. අර්බුද වෙලාවේ හැංගුණා, රට කඩා වැටිච්ච වෙලාවේ අර්බුද, අභියෝග භාර ගන්න කිව්වහම දුවන සපත්තුත් හෙව්වා . දුවන්නේ කොහොමද කියලා බලන්න. තමන්ගේ පත්වීම්, තනතුරු ගැන බැලුව මිසක් රටේ මිනිස්සුන්ට ආදරේ කරලා වගකීම් භාර ගත්තේ නැහැ. මේ ජනතාවගේ කැපවීම් සහ අභියෝග භාර ගැනීම්වලින් පුතාණෝලට, කයියනායකලට ගොඩක් තියෙනවා ඉගෙනගන්න…. අමාරුවෙන් රට නැගිටිද්දී මිනිස්සුන්ගේ හිත ශක්තිමත් කරන නායකයින් වෙනුවට මිනිසුන්ව වට්ටවන්න හදන නායකයෝ තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ” යැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මම පෝස්ට් එකක් දැක්කා ‘අපි පාසල් දහදහස් විසි හයක් වසා දැම්ම. අදත් වහනවා. අපි සාර්ථකයි. – ජෝසප් ස්ටාලින්.’ යනුවෙන්. ඒ කියන්නේ පාසල් දහ දාහක් වැහුවම ඒගොල්ලෝ සාර්ථකයි. කොරෝනා හින්දා ඉස්කෝල අවුරුද්දකට වඩා වහල තිබුණා. ත්‍රස්ත කණ්ඩායමක් බෝම්බ තිබ්බම මුස්ලිම් අය බෝම්බ ගැහුවා කියලා තැන් තැන්වල පෙට්‍රල් බෝම්බ තියලා තවත් කාලයක් පාසල් වහලා තිබ්බා. එම සිදුවීමෙදි මුස්ලිම් අය ඒක කළා කියලා ඔවුන් කොන් කරන්න, මුස්ලිම් අය පිට දාලා තලන්න පෙළන්න එම සිද්ධිය පාවිච්චි කළා.

කරන්ට් එක නැතුව දරුවන්ට ඉස්කෝලෙ වැඩ කරගන්න බැරුව හිටියා. බස් එකේ යන්න බැරුව හිටියා තෙල් නැතුව. පාසල් දරුවෝ ගොඩක් දුක් වින්දා ඒ කාලෙ. මේ පළාත්වල දරුවන්ට අවුරුදු තිහක් තිස්සේ පාසල් අධ්‍යාපනය හරියට කරන්න බැරි වුණා, මේ පළාත්වල තිබුන යුද තත්ත්වය එක්ක. දැන් මේ වෘත්තීය සමිති ආයිත් පාරක් පාසල් වහලා සතුටු වෙනවනම්, මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා නම් අපිට තියෙන්නේ එක දෙයයි. ඒ කාලේ ලාදුරු රෝගීන් ගෙනත් දාන්න තිබුණු මඩකලපුවේ මාන්තිව් දූපතට හැමදාමත් උද්ඝෝෂණ කරන වර්ජන කරන, රටේ සංවර්ධනයට බාධා කරන ඔය කුහක කණ්ඩායමත් ගෙනත් දාලා මුනුත් නිරෝධායනය කරන්න ඕන.

නැවත සමාජයට යන්න නොදී එක තැනක වෙන් කරලා තියන්න ඕන. මේ තිස් අවුරුදු යුද්දෙ පටන් ගන්න ඉස්සෙල්ලා අද විතරක් නෙමෙයි උතුරේ බන්ධනාගාරයට ගහන්න, දකුණෙන් ගිහිල්ලා උතුරේ තරුණයන්ට පුරුදු කළේ එදා රෝහණ විජේවීර. මුලින්ම පෙට්‍රල් බෝම්බ හැදුවේ, ළමා සොල්දාදුවන් හැදුවේ එල්ටීටීඊයට යුද්ධ කරන්න ඉගැන්නුවේ, කරුණා අම්ම්මාන්ට ආයුධ ටික දුන්නේ ජේවීපේ එක තමයි. එදා ඉදලා මේ රටේ ප්‍රශ්ණ හදන්න මුල් වුණේ ඔය ජේවීපී එක.

නැගෙනහිරට ආවම මට ගෙදර ආවා වගේ. මෙහේ බොහොම ළෙන්ගතුකමත් දැනෙනවා . මම ගාල්ලේ, එහා කොණේ වුණත්. මට හිතෙනවා මඩකලපුව හරි ළඟයි කියලා. ඉතිහාසයේ තිබුණ අපේ සබඳතා ඒ ළඟකමට නෑකමට හේතු වෙනවා. ලංකාවේ ගොඩක් අය දවසකට හරි ඇවිල්ල බලන්න ආස මුහුදක්, නගරයක් තමයි මඩකලපුව. මුළු ලෝකෙම ලස්සන වෙරළකට මඩකලපුව අයිතිවාසිකම් කියනවා.

මඩකලපු සරම් තමයි දකුණේ අය ඉස්සර ඇන්දේ. මේ පළාතේ තිබ්බ මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එක ලංකාවේ කොහේ ගියත් කිව්වේ මඩකළපු මොඩල් එක කියා. මඩකළපුව කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තිබුන නගරයක් . අපේ දකුණේ ගෙවල්වල මඩකලපුවේ ඇලුමීනියම් හට්ටි අඩුවක් තිබුණේ නෑ. මේ රට පිරට එක්ක සම්බන්ධකම් පවත්වපු නගරයක්. මඩකළපුව ඒ වගේ සම්බන්ධකම් පවත්වලා තිබෙනවා. මඩකලපුවේ චෝල රාජ්‍යයක් තිබුණා. චෝල රජු මෙහෙන් යනකොට හිරකාරයෝ දාහක් අරන් ගියා කියලා කතාවක් තියෙනවා. එයින් අවුරුදු දොළහකට පස්සේ ගජබා රජ්ජුරුවෝ එම පුද්ගලයෝ නිදහස් කරගෙන ඇවිත් මෙහි පදිංචි කළා කියලා මතයක් තියෙනවා.

1505 පෘතුගීසී ලංකාවට ඇවිල්ලා ලංකාවේ බලය ගත්තම මඩකළපුවේ බලකොටුව හැදුවා. ඒ වර්ෂ 1628 දී

ඕලන්ද ජාතික ජෝරිස් ෆන් ස්පිල්බර්ජන් 1602 මැයි 31 දින මඩකළපුවට ආවා. ඔහු මඩකළපුවේ ප්‍රාදේශීය පාලකයා විසින් එවකට කන්ද උඩරට මහ රජු වූ පළමුවැනි විමලධර්මසූරිය රජු නියෝජනය කරමින් පිළිගත් බව ඉතිහාසයේ කියව්නව. ලංකාවේ ඉතිහාසයෙ මඩකළපුව කියන නම හමුවෙනවා අවස්ථා ගනනකදීම . මම මේ ටික කියන්නෙ මේ තරුණ පරපුරට දැනගන්න .

කල්ලඩි පාලම ගැන කතා කරනකොට අපේ මතකයට එන්නේ සිංදු කියන මාළුන් . 1960 දශකයේ දශකයේ කල්ලඩි පාලම යට සිංදු කියන මාළුන් හිටිය බව අපි අහලා තියනවා. ලෑන්ග් කියන කතෝලික පියතුමා සින්දු කියන මාළුන්ගේ හඬ පටිගත කරලා ගිහිල්ලා ගුවන් විදුලියේ ප්‍රචාරය කළා කියලා කියනවා. එදා මේ සින්දු කියන මාළු නිසා මඩකළපුව හරියට ජනප්‍රිය උනා. අද පරපුරට මේ සින්දු අහන්න තරම් නිහඬ පරිසරයක් තියනවාද මම දන්නේ නෑ.

මේ රටේ අවුරුදු ගාණක යුද්ධයෙන් මේ පළාතේ ජනතාවටත් ලොකු හානියක් සිද්ධ වුණා. මේකෙදි අපි බෙදුනා. නෑ, අපිව බෙදුවා. දේශපාලනික අවශ්‍යතා අනුව තමයි අපිව බෙදුවේ. පිල්ලේයාන්ලට, කරුණාලට යුද්ධෙට අවතීර්ණ වෙන්නට පාර හැදුවේ දේශපාලන අවශ්‍යතා තමයි. ගායක ගුණදාස කපුගේ ගායනා කරන ‘කල්ලඩි පාලම පාමුල සින්දු කියන මාළුවෝ’ කියලා සින්දුවක් තියනවා. ඒ ගීතය ගායනා කරද්දී එහි ප්‍රශ්න කරනවා ‘සිතාරයට වෙඩි වැදුනද’ කියලා. සින්දු කියපු මළු ගොළු උනාද කියලා .

සුද්දො අපිට රට දීලා යනකොට රට බෙදලා ගියේ නැහැ. ඉන්පසුව සිංහල රාජ්‍ය භාෂාව කළා 1956 දී . අද මට දෙමළෙන් කතා කරන්න බැරි කළේ, ඔබට සිංහල කතා කරන්න බැරි කළේ ඒ දේශපාලන උවමනාව. මධ්‍ය මහා විද්‍යාලවල තිබ්බ භාෂා අධ්‍යාපනය අපිට නැති කළා. අද අපිට සිංහල භාෂාව, දෙමළ භාෂාව නොතේරෙන්න අපි වෙන් කරලා පාලනය කිරීම දේශපාලනයෙන් කරපු දෙයක්.

යාපනය පුස්තකාලය ගිනි තියපු එකේ ඉඳලා අපිව බෙදලා වෙන් කරලා කටයුතු කළ නිසයි මෙච්චර කල් අපි දියුණු නොවෙන සංවර්ධනය නොවෙන රටක් වෙන්න හේතු වුණේ. ඒකයි අපිට මේ සංහිඳියාව සමග එකට එකතු වෙලා ජාති, ආගම්, කුලමල, භේද නැති කර ඉදිරියට යන්න ඕනකම තියෙන්නේ.

බොරු බෙදීමක් නේද මේ හදල තියෙන්නේ. ඉතිහාසයේ අපි බොහොම ළඟින් ජීවත් වුණ මිනිස්සු. මම නිතරම දරුවන්ට දිරිගන්වන්න කතා කරද්දි කියනවා උතුරේ, නැගෙනහිර දරවන් දිහා බලන්න කියලා. යුද්ධයත් එක්ක බැට කාලා, ලයිට් නැතුව, වතුර නැතුව බංකර් යට ඉගෙනගෙන, ඉගෙනගන්න අවස්ථා නැතුව ඒ අය කොච්චර නම් ශක්තිමත්ව අනාගතයට මුහුණ දුන්නද. අපේ දකුණේ මාස තුනක් ලයිට්, ගෑස් නැතුව ඉන්න බැරි වුණා, අරගල පටන් ගත්තා. නමුත්, මෙහි ජනතාව කොච්චර දුක් වින්දද. මඩකලපුවේ ජවය, ශක්තිය රටේ අනාගතය වෙනුවෙන් හරි මගට ගන්න එක තමයි අපට දැන් කරන්න තියෙන්නේ.

දකුණේ දේශපාලනය කරන ගොඩක් අයට මෙහි දරුවොන්ට මිනිස්සුන්ට තියෙන ඉවසීම නැහැ. ඒ කැපවීම, දරා ගැනීමේ ශක්තිය ඔවුන්ට නැහැ. අභියෝග භාර ගැනීමේ ශක්තිය ඒ අයට නැහැ. මේ අය කරපු කැප කිරීම් දකුණේ අය ආදර්ශයට ගන්න ඕනේ දේශපාලනය කරන ඔය කයියනායකලත්. එහෙම පුළුවන් වුණා නම් අර්බුදය වෙලාවේ හැංගෙන්නේ නැහැ. අර්බුද වෙලාවේ හැංගුණා, රට කඩා වැටිච්ච වෙලාවේ අර්බුද, අභියෝග භාර ගන්න කිව්වහම දුවන සපත්තුත් හෙව්වා දුවන්නේ කොහොමද කියලා බලන්න. තමන්ගේ පත්වීම්, තනතුරු ගැන බැලුව මිසක් රටේ මිනිස්සුන්ට ආදරේ කරලා වගකීම් භාර ගත්තේ නැහැ.

මේ ජනතාවගේ කැපවීම් හා භාර ගැනීම්වලින් පුතාණෝලට කයියනායකලට ගොඩක් තියෙනවා ඉගෙනගන්න. අපි රටක් විදියට වැටුණු පළවෙනි රට නෙවෙයි. අපිට කලින් කොරියාව වැටුණා. කොරියාව වගේම ඊශ්‍රායලය වැටෙනකොට ඒක ගොඩ ගන්න රටේ මිනිස්සු එකතු වුණා. නෙතන්යාහුට දේශපාලනික වශයෙන් බලයක් තිබුණේ නැහැ. නමුත් අල්ලපු රටත් එක්ක යුද්ධය පටන් ගත්තහම සියලු දේවල් අමතක කරලා එකතු වුණා. රුසියාවේ පුටින්ට සියලු දෙනා එකට එකතු වුණා යුද්ධයක් ආවම. රට අමාරුවේ වැටුනාම හැමෝම එකට එකතු වුණා. හැබැයි අපේ රටට එහෙම සහයෝගයක් ලබුණේ නෑ. රට වැටිච්ච වෙලාවෙ එහෙම එකතු වේලා කටයුතු කරන්න ඕන කියලත් කිසිම හැගීමක් නැහැ. අභියෝග භාර ගන්න ආව තනි පුද්ගලයාටත් සහාය දෙනවා වෙනුවට එතුමගෙත් කකුලෙන් අඳින ඒවා විතරයි මේ විපක්ෂය කරන්නේ.

රටට සල්ලි ටික නැතිවෙච්ච වෙලාවේ ඩොලර් ටිකත් එවන්න එපා කියලා මේ විදේශගත ශ්‍රමිකයන්ට කිව්වේ රට තවත් අමාරුවේ දාන්න. අමාරුවෙන් රට නැගිටිද්දී මිනිස්සුන්ගේ හිත ශක්තිමත් කරන නායකයින් වෙනුවට මිනිසුන්ව වට්ටවන්න හදන නායකයෝ තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ. ‘ලෝකෙ කිසිම කෙනෙක් රනිල්ට නම් උදව් කරන්නේ නැහැ’ කියලා මිනිස්සුන්ගේ විශ්වාසය කඩ කරන්න උත්සාහ කළා. අයි.එම්.එෆ් සමඟ සාකච්ඡා කරන්න පටන් ගන්නකොට රටේ වෘත්තීය සමිති හතළිහක් පාරට බස්සලා උද්ඝෝෂණය කළා, ඒ සාකච්ඡා නවත්වන්න උත්සාහ කළා.

පළාත් පාලන ඡන්දෙ නිසා දෙකට බෙදිලා තරග කරන්න හිටපු අය අයි.එම්.එෆ් සාකච්ඡා නිසා එකට එකතු වෙලා එහි පළවෙනි වාරිකය දෙනවාද කියලා තීරණය කෙරෙන අවසන් මොහොත වෙනකොට පාරට බැහැලා රට ඇතුලේ උද්ඝෝෂණ කළා. හැබැයි පළවෙනි ණය වාරික දීපු ගමන් උද්ඝෝෂණ ටික නතර කරලා දැම්මා. පහුගිය දවසේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටට සුභ ආරංචියක් කියනවා කියලා කියනකොට 26 වැනිදා ගුරුවරු ටික කොළඹට ගෙනල්ලා ලොකු උද්ඝෝෂණයක් කරලා, වර්ජනය කළා. ඒ විතරක් නෙවෙයි තව වර්ජන ගොඩක් සූදානම් කරනවා.

මේ අය උත්සාහ කළේ මේකත් කොහොම හරි කඩාකප්පල් කරන්න. රටට සුබ පණිවිඩයක් එවනවා නම් රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමේ පණිවිඩය හම්බෙනවා නම් ඇයි කවුරු හරි කෙනෙක් විරුද්ධ. ඒ අය මේ රටට ආදරේ අය වෙන්න බෑ. රටේ අර්බුද ඇති වෙනකල් බලාගෙන ඉන්න දේශපාලනයක් නෙවෙයි අපිට ඕන කරන්නේ, රට ගොඩනඟන ධනාත්මකව චින්තනයක් තිබෙන රටක් ගොඩනගන්නයි තමයි අද අපිට උවමනා වෙන්නෙ. ඒ හැම කෙනෙක්ම රට, රටේ අධ්‍යාපනය වට්ටන්න බලන් ඉදිද්දී මේ වගකීම බාර අරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා එකට එකතු වෙලා මේ රටේ මිනිස්සු වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අවස්ථාවට ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එම්. පියතිස්ස, අමාත්‍යවරයාගේ උපදේශක දේශප්‍රිය ලියනගේ, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන්, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එන්.ආර්. කිරිඇල්ල, කම්කරු දේපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් එස්.ඒ. වසන්ත අල්ගම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙෆ් ගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රියංකා රත්නසිංහ ආරච්චි, මේජර් ඩී.එම්.එන්. පද්මසිරි ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවලට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan