*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඇස්බැන්දුම් එපා. ඉල්ලා අස්වෙන්න – විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට කියයි (VIDEO)

ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට නොහැකි නම් ට්විටර් පණිවිඩවලින් සමාව නොගෙන වහාම ඉවත් වන ලෙසත් එසේ ඉවත් වන්නේ නම් සමගි ජන බලවේගයේ දක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ රට බාර ගෙන දශලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය මතය අනුව ඉදිරි වසර 5ක කාලය තුළ අනිවාර්යෙන් පෙර තිබූ තත්ත්වයටම රට ගොඩනගන බවත්, එහි දී වංචාවට දූෂණයට ඉඩ නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුපිරි අගමැතිවරයෙක් ගෙන්වා රට ගොඩනගන බවට ආණ්ඩුව පෙන්වූ බොරු නාටක සියල්ල දැන් ජනතාව හමුවේ හෙළිවී ඇති බවත් එවැනි තත්ත්වයක් තිබියදීත් එදා වේල සඳහා බොරු කියන ආණ්ඩුවේ ඇමතිවරුන් මේ වන විට විදෙස් රටවල සංචාරයට ගොස් ගෑස්, ඉන්දන, කිරිපිටි ඉල්ලන බොරු නාටකයක් ආරම්භ කර ඇති බවත් එවැනි බොරුවලින් ජනතාව ඇන්දවීම නවත්වන ලෙසත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ කෝප් කමිටුවට අයුතු බලපෑම් සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් අනාවරණය කිරීම කෝප් කමිටුවේ සභාපතිවරයාගේ වගකීම බවයි.

එසේම මාස 5න් 10න් රට ගොඩනගන බවට වන ව්‍යාජ ඇස්බැන්දුම් නූල් සූස්තර ගේම් නවත්වා රටේ නැති වූ අභිමානය නැවත ගෙන ඒම සඳහා ජනතා මතයට කන් දී ඉවත් වන ලෙස ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික දේශපාලන හා සමාජය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙන නුතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මහජනතාව විසින් ඉල්ලා සිටිනු ලබන සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කර ඇති අතර ඊට අනුබද්ධ ප්‍රතිසංස්කරණ සඳහා මහලේකම් කාර්යාලයක්, විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (27) විවෘත කරනු ලැබීය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙනි. එහි ප්‍රධාන ලේකම් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan