සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 270 වැනි සුහුරු පන්ති කාමරය පනාමුරේ මහා විද්‍යාලයට (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සුහුරු පුරවැසියන් බිහිකිරීම උදෙසා අධ්‍යාපනය නවීකරණය කිරීමේ අරමුණ වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහනේ 270 වැනි අදියර ඊයේ (29) ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව ඇඹිලිපිටිය, කොලොන්න, පනාමුරේ මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ පරිත්‍යාග කෙරිණි. පරිගණක 05ක්, ස්මාර්ට් බෝඩ් එකක් සහ ප්‍රින්ටර් යන්ත්‍රයක් ඊට ඇතුළත් විය.

එසේම එම පාසලේ දූදරුවන්ගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙසා එහි පුස්තකාලයට සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂ 05ක් ද පරිත්‍යාග කෙරුණු අතර ඊට අමතරව පාසලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා අතින් පරිත්‍යාග කරන ලදී.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 255ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2944ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධනවාදී හොඳ ගැහැණියට වඩා සමාජවාදී නරක ගැහැණිය හොඳ ද? “විකඩ්” තුළින් දිගහැරෙන සමාජ යතාර්ථය

සටහන – පුලී ජනවාරි 25, කොළඹ (LNW): Wicked සරල නාට්‍යමය ප්‍රතිවෘත්තියක් ලෙස...

ඉන්දුනීසියාවේ නායයාමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට: 80ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර...

ග්‍රීන්ලන්තයේ විදුලිය ඇනහිටීමක් සහ තද සුළං….

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...