ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ “විශාල ලස්සන පනත” වශයෙන් හඳුන්වන පිටු 940 කින් යුත් “One Big Beautiful Bill Act” වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් විසින් ඊළඟ අදියර සාකච්ඡාවට ගෙන යාමට ඡන්දය දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එය ඉදිරි දිනවලදී සම්මත වීමට වැඩි ඉඩක් ඇත.

ට්‍රම්ප්ගේ ඉහළම ව්‍යවස්ථාදායක ඉලක්කය වන මෙම පියවර වෙනුවෙන් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් 51න් 49 දෙනෙකුම සිය ජන්දය ලබා දුන් අතර රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් දෙදෙනෙකු සියලු ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සමඟ එක්ව එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

මින් අනතුරුව පනත් කෙටුම්පත අනුමැතිය සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත නැවත යොමු කෙරෙනු ඇති අතර, එහිදී රිපබ්ලිකන්වරුන්ට ඡන්ද අතලොස්සක් පමණක් අහිමි කර ගත හැකි අතර මේ වෙනුවෙන් ඔවුන්ගේම ශ්‍රේණිවලින් දැඩි විරෝධයකට මුහුණ දී සිටිති.

කෙසේ නමුත්, මෙම පනත් කෙටුම්පත එක්සත් ජනපදයේ නිදහස් දින දවසේදී එනම් ජුනි මස 4 වන දින නීතියක් වශයෙන් ජනාධිපති ට්‍රම්ප් අත්සන් කරනු ඇති බව සැලකෙන අතර ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ, ට්‍රම්ප්ගේ බදු කප්පාදුවේ සහ වියදම් පනත හේතුවෙන් ඇමරිකානු රජයේ ඩොලර් ට්‍රිලියන 36.2 ක ණයට ට්‍රිලියන ගණනක් එකතු කරනු ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත් විවේචනය කිරීම හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් සමඟ විරසකව සිටින ට්‍රම්ප්ගේ අතිජාත මිත්‍රයා වන ටෙස්ලා සහ ස්පේස් එක්ස් ප්‍රධාන විධායක නිලධාරි එලෝන් මස්ක් මෙම පැකේජය “අතිශයින්ම උමතු සහ විනාශකාරී” ලෙස හදුන්වා තිබු අතර නවතම සෙනෙට් සභා කෙටුම්පත් පනත ඇමරිකාවේ මිලියන ගණනක් රැකියා විනාශ කරන අතර අපේ රටට දැවැන්ත උපායමාර්ගික හානියක් සිදු කරනු ඇති බව සඳහන් කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...