ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

Date:

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW :

කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය අවසන් කිරීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මේ වන විට එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව,රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේය.

ඔහු පැවසුවේ, පසුගිය දින කිහිපයේදී ආනයන බහාලුම් නිෂ්කාශනය කිරීම සඳහා අතිරේක දින කිහිපයක් ගැනීමට සිදුවූයේ ආනයනික බහාලුම් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බවයි.

දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, කෙසේවෙතත් අද උදෑසන වන විට එම ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...