පෞද්ගලික බස් ධාවනය 10%ට බහී. ගාස්තු වැඩිකිරීම ගැන නිර්දේශ අද …

Date:

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද (29) දිනයේ දිවයින පුරා ධාවනය කෙරෙන්නේ සමස්ත පෞද්ගලික බස් රථ ප්‍රමාණයෙන් 10%ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

බස් ගාස්තු 30%කින් වැඩිකිරීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩිකිරීමට ඇතැම් බස් සංගම් යෝජනා කර තිබුණු අතර බස් සංගම් අතර පවා එම යෝජනාවට එකඟතාවක් නොතිබුණු අතර ඊයේ දිනයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාව ද අතරමැද නැවතී තිබිණි.

කෙසේවෙතත් අද දිනයේදී බස් ගාස්තු වැඩිකිරීමක් සඳහා නිර්දේශ යොමුකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...