*
Friday, April 19, 2024
spot_img

Latest Posts

කහ පාටට වඩා, වෝන්ට ගරු කර මනුස්සකමේ පාට පෙන්නමු

රට අස්ථාවර කරපු පාළකයන් නිසා සම්පූර්ණයෙන් කඩා වැටී ඇති මොහොතක මෙ’රටට ක්‍රිකට් තරගාවලියකට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කහ ඇඳුමෙන් සැරසී පැමිණ ස්තූතියි කියූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව බොහෝ දෙනෙක්ට රටට විදේශිකයෙක් පැමිණීම අරුමයක් වන තැනට රට පත් කළ අය ගැන අවබෝධයක් නැත.

ක්‍රිකට් පිටියේ අන්තිම නරක විදිහට ශ්‍රී ලංකාවට බලපෑම් කරන රටක් හැටියට හඳුන්වන ඕස්ට්‍රේලියාව පිටියෙන් පිටත මනුස්සකම වැපිරූ අවස්ථා ලංකාවෙන්ම වාර්තා වූ අවස්ථා බොහෝමයකි.සුනාමියෙන් විපතට පත් ජනතාවට ශේන් වෝන් මුත්තයියා මුරලිදරන් සමඟ මැදිහත්ව බොහෝ දේ කළහ. ඔහු අද තරගය පැවත්වෙන ගාලු පිටියට පැමිණි අතර සිනිගම වැනි ගම් බොහෝමයක ප්‍රතිසංස්කරණ කටයුතුවලට මෙන්ම සමාජ පුනරුත්ථාපන වැඩවලට ද දායකත්වය ලබා දුන්නේය. ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කඩුලු ලබා ගැනීමේ තරගයේදී මුරලිව ඉක්මවා යාමට කරට කර සටන් වැදි ශේන් වෝන් පියකරු නොවූවත්, සුනාමියෙන් පසු ඔහු තුළ පිටියෙන් පිටත සිටින මිනිසා හඳුනාගෙන ලාංකිකයෝ ඔහුට බොහෝ ගරු කළහ.
කෙසේ හෝ දෙරටින් බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙස මුරලි සහ වොන්ගේ නමින් මෙම ටෙස්ට් තරගාවලියේ කුසලානය නම් කර ඇත.රට විනාශ කරන්න තුඩු දුන් පාලකයන්ගේ ක්‍රියා වෙනුවෙන් ජනතාව මැදිහත්ව කහ වර්ණය ප්‍රදර්ශනය කරාට වඩා ජනතාව වෙනුවෙන් කැප වුණු ක්‍රීඩකයෙක් හැටියට මේ ටෙස්ට් තරගාවලිය අද ගාල්ලෙන් ආරම්භ වෙද්දී, මෑතකදී අවාසනාවන්ත ලෙස දිවි සැරිය නිමා කළ ශේන් වෝන් වෙනුවෙන් උපහාර පිදීම වටින්නේය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිටියෙන් පිටත ඉතා මානුෂීය කණ්ඩායමක් ලෙස ප්‍රකටව ඇති අතර කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි ඔවුන්ගේ බෑග් භාරව සිටි සිරිපාලගේ දුප්පත්කමට පිහිට වූයේද ඔවුන්ය.ඒ නිවසක් තනා දෙමින්ය.ඒ නිසා ලංකාවේ ක්‍රිකට් මහත්තුරුන්ට දින පතා දකින මිනිසා ගැන නොදැනි දුක හඳුනාගත් ඔස්ට්‍රේලියාව එදා ද ක්‍රියා කළ ආකාරය අපූරුය.නමුත් ඔවුන් තමන්ගේ හිමිකම් අහිමි කිරීම ගැන ප්‍රකාශ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ගෙන ඒම වෙනුවට පත් වි ඇති අසරණකමට උපකාරයක් වීමට පැමිණි තමන්ට ස්තූති කිරීම පමණක් ප්‍රකාශ කිරීම ගැන පුදුම වෙනවා ඇත.

ඊයෙ ආණ්ඩුවම මැදිහත් වී ක්‍රීඩාංගණය අසළ පුරවා තිබූ කහ පාට ලාෆ්ස් ගෑස් සිලින්ඩර ඉවත් කරමින් දිගු කාලයකට පසුව,ජාත්‍යන්තරය ඉදිරියේ ලිහි ගිලිහී වැටෙමින් තිබෙන කීර්තිය රැක ගන්නට පාරිභෝගිකයන්ට ගෑස් ලබා දී තිබිණ.ප්‍රේමදාසයට කහ පාට ගෙන ඒමට වඩා ඒ කහ ගාල්ලේදී ප්‍රදර්ශනය වූයේ නම් රටේ පාළකයාගේ ඇත්ත තත්ත්වය ප්‍රකාශ වන නිසා සිඳු කළ එම ක්‍රියාවෙන් ගාලු ජනතාවගේ ගෑස් ප්‍රශ්නයට පිළිතුරු ලැබීම නිසා පෝලීමේ සිට විඳි සියලු දුක් අමතක කර ගෑස් දුන්නාට ස්තූතියි කියා කහ වර්ණයෙන් සැරසී පිරිස් තරගයට එන්නට ද ඉඩ ඇත.

ක්‍රිකට්වලට ආදරේ කරන පිරිස්, එම ගෑස් ලබා දීමෙන් පැහැදිළි වූයේ ජනතාවට දිය හැකි සහන පවා ආණ්ඩුවේ කීර්තිය පළුදු වෙන තැනකදී භාවිතා කරන්නට ලබා නොදි තියාගෙන සිටින බව යන්න තේරුම් ගන්නේනම් රටට වැදගත්ය.එසේම අද ඇරඹෙන ටෙස්ට් තරගයේදී ක්‍රිකට් ලෝලියෙකුගේ භූමිකාව තුළ ඔබට ශේන් වෝන්ට විශිෂ්ටයෙක් ලෙස,ගෞරව කරන්නට සූදානම් වීම ද වැදගත්ය.එය කහ වර්ණයෙන් සැරසීමේ දේශපාලන උවමනාවකට හසුවීමට වඩා ක්‍රිකට්වලට අයත් කොටසකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan