සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන ආරක්ෂක හමුදා විසින් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සටන්කාමීන් ඉලක්ක වන පක්ටියා, පක්ටිකා සහ කුනාර් වෙත දියත් කළ ගුවන් ප්රහාර හේතුවෙන් සටන්කරුවන් 29 දෙනෙකු ඝාතනය කළ බව නිවේදනය කර තිබේ.
තුවක්කු සහ පුපුරණ ද්රව්ය වලින් සන්නද්ධ සටන්කරුවන් දකුණු වරාය නගරයේ කරච්චි හි පැරාමිලිටරි රේන්ජර්ස් හි කලාපීය මූලස්ථානය ඉලක්ක කර ගනිමින් සොල්දාදුවන් තිදෙනෙකු ඝාතනය කිරීමෙන් දිනකට පසුව පකිස්ථානය මෙම ප්රහාරය දියත් කර තිබින.
සමාජ මාධ්යවල පළ කළ සටහනක, පකිස්ථාන තොරතුරු අමාත්ය අතාවුල්ලා ටාර් ප්රකාශ කර තිබුනේ, රට පුරා සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද බහුවිධ ප්රහාරවලට ප්රතිචාර වශයෙන් පක්ටියා, පක්ටිකා සහ කුනාර් හි මෙහෙයුම දියත් කළ බවයි.
2021 දී ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය බලයට පත්වීමෙන් පසු පකිස්ථානය අතර සබඳතා නිරන්තරයෙන් ගටුම් දක්නට ලබේ.

