ජනාධිපති අනුරගේත් ආණ්ඩුවේත් උපරිමය මෙච්චරයි – SJB නිරෝෂන් පාදුක්ක

කොළඹ LNW:ජනතාවට දුන්න පොරොන්දු කිසිවක් ඉටු කිරීමට නොදන්නා ආණ්ඩුවක් අද රට පාලනය කරමින් සිටින අතර අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ උපරිමය මෙපමණ බව සමඟි ජන බලවේගයේ දුෂණ විරෝධි බලවේගයේ කැදවුම්කරු නිරෝෂන් පාදුක්ක පවසයි.

රටේ ආර්ථිකය මේ වනවිට බරපතල අර්බුද රැසකට මුහුණ දී තිබෙන බවත් රටේ බිහිවූ අසාර්ථකම මුදල් ඇමැතිවරයා බවට ජනාධිපතිවරයා පත්ව සිටින බවත් ඔහු සඳහන් කරයි.

මේ වන විට ආණ්ඩුව ඩෙංගු මර්දනය හෝ නිසි ලෙස සිදුකිරීමට අපොහොසත්ව සිටින බවද හෙතෙම කියා සිටියි.

”ඩෙංගු රෝගීන් 50,000 කට අධික ප්‍රමාණයක් රට තුළින් වාර්තා වී තිබෙනවා. කලුබෝවිල රෝහලේ වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙනවා. මේ වනවිට විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම ඩෙංගු මර්දනයට බස්නාහිර පළාතේ විශේෂ ඒකකය් පිහිටවනු ලැබුවා. ඒ ඒකකයට 280 ක් බඳවා ගත්තා. බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තවන ස්ථාන හඳුනාගෙන ඒවා මර්දනය කරන්න කටයුතු කරනු ලබනවා. කෙසේ නමුත් ඩෙංගු මර්දනය කිරිම සඳහා කොළඹ සංවර්ධන කමිටුව කැඳවලා මේ පිළිබඳව තින්දුවක් ගෙන නැහැ. ඩෙංගු මර්දන කටයුතු වලට ග්‍රාම නිලධාරින් සම්බන්ධ කරගන්නේත් නැහැ. ඒ වගේම ඩෙංගු මදුරුවන් පලවා හරින දුම් ඉසින යන්ත්‍ර පළාත් පාලන ආයතනවල අද නැහැ. ඩෙංගු මර්ධනය කරන්න සෞඛ්‍ය ඇමැතිවරයා වහාම පියවර ගත යුතුයි. ඩෙංගු මර්දන විශේෂ ඒකකය කොළඹ දිස්ත්‍රික්කයේ හෝ බස්නාහිර පළාතේ නැවත ස්ථාපිත කරන්න වහාම කටයුතු කළ යුතුයි. ගම්වල ශාඛා සමිති ශක්තිමත් කර , පිරිසිදු කිරීමේ කටයුතු වහාම කඩිනම් කළ යුතුයි. කෙසේ නමුත් පසුගිය වසරේට වඩා වැඩි ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් මේ වසරේ මුල් මාස 6 තුළ වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනු ලබනවා.

කෙසේ නමුත් ජනතාවට දුන්න පොරොන්දු කිසිවක් ඉටු කරන්න දන්නේ නැති ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරනු ලබන්නේ. අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ උපරිමය මෙපමණයි. මීට වඩා දෙයක් ඔවුන්ට රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් සිදුකරන්න නොහැකියි. රටේ ආර්ථිකය මේ වනවිට බරපතල අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා. රටේ බිහිවුණ අසාර්ථකම මුදල් ඇමැතිවරයා බවට පත්වී තිබෙනවා. කරුණාකරලා මාධ්‍ය සංදර්ශනව නවත්වා , ඩෙංගු මර්ධනය කිරිම කාර්යක්ශම කරන්න , රටේන් අතුරුදහන් වුණ මුදල් නැවත රටට ගේන්න වහාම කටයුතු කරන්නැයි සමගි ජනබලවේගය ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රට තුළ ඩොලර් හිගයක් මතුවී තිබෙනවා. ඒ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ප්‍රකාශ කර තිබෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...