*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/29

  1. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිවෙයි: මෙම වැඩසටහන මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි: මහ බැංකුව විසින් සන්තකයේ තබාගත් භාණ්ඩාගාර බිල්පත් පමණක් ප්‍රතිව්‍යූහගතකරණයට ලක්වන බවට මහ බැංකු අධිපතිවරයාගේ ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වෙයි: 2024 – 2032 කාලය තුළ කල්පිරීමට නියමිත භාණ්ඩාගාර බැඳුම්කර අඩුකිරීමකින් තොරව 9% ක් යටතේ අලුත් කිරීමට නියමිතය: කෙසේවෙතත්, පොලී අනුපාත 30% ඉක්මවා ඇති පසුබිමක පවා, 2023 වසර සඳහා සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයන්ට ලබා දෙන පොලිය 9% දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ද වාර්තා වෙයි: බැංකුවල තබා ඇති භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොකරන බවට වාර්තා වේ: තම ණය ශේෂවලින් 60% ක ණය කප්පාදුවක් (hair-cut) සිදුකරන මෙන් ශ්‍රී ලංකාවේ බාහිර ණයහිමියන්ගෙන් ඉල්ලීමක් සිදුකිරීමට බොහෝ ඉඩකඩ ඇති බවත්, එවන් පසුබිමක් තුළ මෙම සැලැස්ම ඔවුන් විසින් අනුමත කිරීම සිදුවිය නොහැක්කක් බවටත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  2. සූදු කර්මාන්තය නියාමනය කිරීම, එහි අදායම එකතු කිරීම සහ සමස්තයක් වශයෙන් මෙරට සූදු කර්මාන්තයේ සංවර්ධනයේ මාවත වෙනුවෙන් යෝජිත නව සූදු නියාමන අධිකාරියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි: මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.
  3. “පවතින මූලික ගැටළු විසඳීම” සඳහා ඉදිරිපත් වී ඇති රජයේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මට අදාළව, ණය ප්‍රතිව්‍යූහගත කිරීම හා සම්බන්ධ ප්‍රධාන ආයතන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට (CoPF) කැඳවූ බව එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා පවසයි.
  4. ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අයවැය සහ සුබසාධන සහාය ලබා දීම සඳහා ඇ.ඩො. මිලියන 700 ක මුදලක් අනුමත කරයි: අයවැය සහාය සඳහා ඇ.ඩො. මිලියන 500 කුත්, ඉතිරි ඇ.ඩො. මිලියන 200 සුබසාධන සහාය සඳහාත් යෙදවෙන බවට සඳහන්: මෙසේ ණය ලබා දීමෙන්, රජයට තම ණය ගෙවීමට සිදු නොවන අවස්ථාවක පවා, එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා මුදල් නොමැති බවට තහවුරු වෙයි.
  5. වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 2023 මැයි මාසයේදී ඊට වසරකට ඉහත පැවති ප්‍රමාණයට සාපේක්ෂව 5.6% කින් ඇ.ඩො. මිලියන 989.7 දක්වා පහත වැටේ: මෙසේ පහත වැටීමට හේතුව ඇඟලුම්, රෙදිපිලි සහ පොල් අපනයනවල පහත වැටීමයි: 2023 පළමු මාස 05 තුළ, අපනයන ඊට වසරකට පැවති තත්ත්වයට සාපේක්ෂව 8.3%කින් පහත වැටී තිබේ: බටහිර රටවල්වල ඇති ඉල්ලුම පහත වැටෙමින් තිබේ.
  6. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් විවිධ මත පළවීම හේතුවෙන් පාරිභෝගිකයන් අතර ඇතිවන බිය සමහන් කිරීම සඳහා බැංකු සිය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල (ATM) අධික ලෙස මුදල් ගබඩා කරයි: බලධාරීන් විසින් පළකරන ලද ඇතැම් අදහස් සම්බන්ධයෙන් බැංකු කනස්සල්ලට පත්ව ඇති බ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෝ පවසති.
  7. “අස්වැසුම” සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් මේ වන විට අභියාචනා 383,232ක් සහ විරෝධතා 5,045ක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
  8. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 454 දරණ ගුවන් යානය “තාක්ෂණික දෝෂයක්” හේතුවෙන් පැය 2 කට පසු යළි කොළඹට පැමිණෙයි.
  9. ඉදිරි වසරවලදී පුහුණු නාවිකයන් සංඛ්‍යාව 50,000 ඉක්මවීමේ ඉලක්කයක් ද ඇතිව, නාවික පුහුණුව සහ ඒ ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට දැඩිව කැපව සිටින බව නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
  10. ජාතික සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි: දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉදිරි මාස 06 තුළ “සැලකිය යුතු සංවර්ධනයක්” සිදුවනු ඇතැයි අපේක්ෂා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan