යාපනය අයිටී කැම්පස් සහතික පත් ප්‍රදානෝත්සවය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (30) පැවැත්වේ.

ඒ අනුව, යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී අද පෙරවරු 08.30 සිට ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානෝත්සවය ආරම්භ වීමට නියමිත ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. යාපනය දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛාවල සිසු සිසුවියන් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කර ඇති අදියරයන් අනුව අද පිරිනැමීමට නියමිත සහතිකපත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සවය සඳහා සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන, රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලාවකට යොමුකිරීම සඳහා ඔබට ළඟම පිහිටි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...