*
Tuesday, July 2, 2024
spot_img

Latest Posts

වැස්සත් නැති, සුළු වැරදිත් නැති තේරීම් තරගාවලියේදී තරුශි තව ඉස්සෙයි.

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 30, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින්ට ඔලිම්පික් අවස්ථාවන් දිනා ගන්නට තියෙන අවසන් දවස අදය.මේ වන විට කොළඹ අදත් වැස්සෙන් ආක්‍රමණය කරන බවක් දකින්නට තිබුණ ද.ඒ වැහි වළාකුළු දියගම අහසට කඩා නොවැදී තබන්නට ස්වභාව ධර්මයෙන් ලැබුණ මත විශේෂ තේරීම් තරග බාධාවකින් තොරව නිමා විය.
මලල ක්‍රීඩා පරිපාලනය විසින් සුළු වැරදි ලෙස සළකන කරුණු කිහිපයක් පසුගිය කාලයේදී අපි දුටුවෙමු.ඉකුත් ඔලිම්පික් උළෙලට මීටර් 3000 බාධක දිවීමෙන් නිලානි රත්නායක සහභාගි වෙන්න ගත් අවස්ථාවේදී ඉතාමත් සුළුවෙන් සෙන්ටි මීටර් කිහිපයක් බාධක නියමිත ප්‍රමාණයට වඩා ඉහළට ඔසවා තිබුණු වරදින් ඇයට ඔලිම්පික් සඳහා සුදුසු කාලය වාර්තා කරන්න නොහැකි විය.ආබාධයක් ද ඇති විය.
තරුශිට ජාතික සූරතාවලියේ දී ධාවනය සඳහා සුදුසු පරිදි ධාවන පථයේ වතුර ඉවත් කිරීමක් සිඳු නොවිණි.එසේම බල්ලන් ක්‍රීඩා පිටියට වැදීමෙන් බාධා වන බව සජීවීය සිලෝන් ඇත්ලටික්ස් හරහා වාර්තා කිරීම්වලදී ද පැහැදිළිය ඇසුණත් බල්ලා එලවන්නට අයෙක් නොසිටියේය.සුළු කාල ප්‍රමාදයක් නිසා බහමාස් ඔලිම්පික් සුදුසුකම් ලැබීමට යාමට නොහැකි විය.
මේ වැනි සුළු අතපසුවීම් නිසා මලල ක්‍රීඩාවේ නියැලෙන්නන්ගේ පැත්තට ලොකු වැරදීම් සිඳුවන අතර ඒවා ක්‍රීඩාවේ නියැලෙන හැමෝටම ගැටළුය.එහෙත් ඒවාට විරෝධයක් පාන්නට නම් එහි කොණකට තමන් ද සම්බන්ධව සිටිය යුතු අතර එසේ නොවන්නේනම් එ්වා නොදුටු නියා ,නොඇසු නියා මඟ හැර යාම බොහෝ දෙනෙක්ගේ සිරිතය.


“රටේ ක්‍රීඩාව ගැන හිතන්නේ නැහැ.” හුඟ දෙනෙක්ගේ මිමිණිල්ල එබඳුය.එහෙත් රටින් ඔලිම්පික් යන්නට උත්සාහ කරන්නන් ඒ සඳහා වීරිය ගන්න තේරීම් තරගවලට ක්‍රීඩකයන් සහභාගි වන්නේ නැත.ක්‍රීඩකයින්ට එහි වැදගත්කම ගැන කියා පුතේ/දුවේ උපරිමය දුවලා දෙන්න කියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගයට එවන්නේ ද නැත.ඒ මලල ක්‍රීඩාව විවේචනය කරන්නන්ගේ රට ගැන තිබෙන ප්‍රේමණීය හැඟීමේ වර්ගපලය වන්නේය.
ඒ නිසා මලල ක්‍රීඩා පරිපාලනයේ තිබෙන ලාංකිකකමම ඒ කේෂ්ත්‍රයේ ක්‍රීඩා කරන සහ පුහුණු කරන බොහෝ දෙනෙක්ගෙන් ද දකින්නට ලැබිණ.ඔලිම්පික් සුදුසුකම ආසන්නයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ හොඳම දස්කම ඉදිරිපත් කරන්නට නොදුන් සහයෙන් ද පළ විය.මරියා මග්දලේනාට ගල් ගසන්නට ආ අයට කී කතාවම අසන්නට සිඳු වී ඇත.වැරදි ආකල්ප හැඟීම් නැති කෙනෙක් පමණ් විවේචනය කරපං කිවහොත් හුඟ දෙනෙක්ගේ වචන ගලා එනු ඇත්තේ හෘද සාක්ෂියට එරෙහිව විය හැකිය.


තිබුණේ සුළු කාලයක් වීම නිසාත්,වැස්ස නොවැස්ස නිසාත් සුළු හෝ වරදක් කියන්නට බැරිව තේරීම් අවසන් විය.එහෙත් මේ තරම් වැදගත් අවස්ථාවකදී තමන්ට හැමදාම පිටියේ හමුවන උන් වෙනුවෙන් සහභාගීත්වයෙන් උපකාර කරන්නට සහභාගි නොවීමේ ලොකු වරද ඒ සුළු වේලාව තුළ දකින්නට ලැබීම කණගාටුදායකය.
යුපුන් ආබාධය නිසා තරගයට සහභාගී නොවීය.තේරිම් සඳහා අදාළව කාන්තා මීටර් 600 – තරුශි කරුණාරත්න, කාන්තා හෙල්ල වීසි කිරීම -නදීශා දිල්හානි ලේකම්ගේ, පිරිමි මීටර් 400 – අරුණ දර්ශන ප්‍රමාණවත් තරගකාරීත්වයක් නැතුව තරග වැඳ ජය ගත්හ.ඒ අතරින් දැනට තිබෙන ප්‍රසාද ලකුණු මට්ටම ඉහළ දමා ගැනීමට හැකි ප්‍රතිපලයක් අත් කර ගන්නට සමත් වුණේ තරුශි පමණි.ඒ අනුව ඇය තව දුරටත් සුදුසුකම් ලැබීමේ නාමාවලියේ ඉදරියට එනු ඇත.තව දින කිහිපයකින් නිල වශයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශය අනුව මලල ක්‍රීඩාව වෙනුවෙන් පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට ශ්‍රී ලංකාවෙන් නදීශා දිල්හානි ලේකම්ගේ සහ තරුශි කරුණාරත්නගේ නම් ප්‍රකාශයට පත්වෙනු ඇත.ඒ නිල පණිවිඩය එනතෙක් ඒ ගැන අපි ඉවසා සිටිය යුතු වන්නෙමු.


තරුශි ඉතා අපහසුවෙන් සහයට සොයා ගත් කණිෂ්ඨ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ගේ සහයෙන් මීටර් 600 විනාඩි 1:26.99 ක කාලයකින් නිමා කළේය. ඉතාම තරගකාරී පසුබිමක ස්පාඤ්ඤයේ දි ඇය මෙම ඉසව්ව ආසියානු වාර්තාවක් සහිතව දිව්වත් මේ සඳහා ඊට ආසන්න තත්ත්වයක තරගයක් හෝ දෙන්නට ක්‍රීඩිකාවන් සිටියේ නැත.එම දස්කම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඊ ශ්‍රේණියේ තරගයක් නිසා හිමිවන ප්‍රසාද ලකුණු 25 ත් සමඟ ඇයට හිමිවන 1122 ට තවත් ලකුණු 25 ක් එකතු වන්නේය.එම කාලය මීටර් 600 ඉසව්වේ දී වාර්තා කළ කාලය මීටර් 800 දී සමාන වන්නේ විනාඩි 2:02.99 ක කාලයකටය.
ප්‍රමාණවත් තරගකාරී මට්ටමකින් නොදිවු ඇය එවැනි ධාවනයක යෙදෙන්නේනම් එදා ධාවන පථයේ වැසි නොතිබුණානම් කෙසේ දුවනු ඇද්ද යනුවෙන් සාධාරණ දුකක් වේදනාවක් ඇයගේ ධාවනය දෙස බලාපොරොත්තුවෙන් සිටිය ඕනෑම කෙනෙකුට ඇති විය හැකි තත්ත්වයකි.අපි ගත් උත්සාහයට මලල ක්‍රීඩා සංගමයට තුති පුදමු.තරුශිට ජය පතමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan