*
Tuesday, July 2, 2024
spot_img

Latest Posts

අයන් මයික් ටයිසන් ; සුබ උපන්දිනයක් ලෙජන්ඩ්!

සටහන : සශිකලා මධුෂාණි
ජුනි 30, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මයික් ටයිසන්ගේ 58වන ජන්ම දිනය අදට දී තිබේ.

“The Baddest Man on the Planet” “අයන් මයික්” සහ “කිඩ් ඩයිනමයිට්” යන අන්වර්ථ නාමයන්ගෙන් රැසකගෙන් හඳුන්වන ලද මෙම හෙවිවේයිට් වීරයා 1966 ජූනි 30වන දා මයිකල් ජෙරාඩ් ටයිසන් යන නමින් නිව් යෝර්ක් නගරයේ බෘක්ලින් හි ෆෝට් ග්‍රීන් හි උපත ලැබීය. සහෝදරයෙක් හා සහෝදරියක් සහිත පවුලක හැදී වැඩෙන ටයිසන්ගේ මව විදි සරන්නියක් වශයෙන් හඳුන්වා ඇති අතර පියා පර්සෙල් ටයිසන් නම් කැබ් රථ රියදුරෙකි. නමුත් ටයිසන් සිය පියා වශයෙන් හඳුන්වන්නේ කිර්ක්පැට්‍රික් නමැත්තෙකි.

ටයිසන් කුඩා කළ සිටම විවිධ සොරකම් මැරකම් කළ අතර ඔහුට වයස අවුරුදු 13 වන විට ඔහු 38 වතාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. අනතුරුව ඔහු නිව් යෝර්ක්හි ජොන්ස්ටවුන් හි පුනරුත්ථාපන කඳවුරකට යැවුණු අතර එහිදී හිටපු බොක්සිං ක්‍රීඩකයෙකු වන බොබී ස්ටුවර්ට් විසින් ටයිසන් කැපී පෙනෙන බොක්සින් සටන් කරුවකු වශයෙන් හඳුනා ගැනිණි.

බොබී ස්ටුවර්ට්ගෙන් අනතුරුව ටයිසන්ට පසු කාලීනව පියෙක් තරම්ම සමීප වූ කස්ටඩි අමාඩො හරහා ටයිසන් සිය ප්‍රචණ්ඩකාරී සටනට හැඩයක් හා පාලනයක් ලබා ගැනීමට සමත් විය.

ටයිසන් ඔහුගේ පළමු වෘත්තීය සටන් 19ම අපරාජිතව ජයග්‍රහණය කළ අතර වයස අවුරුදු 20, දී ඔහු සිය පළමු පටියට හිමිකම් කියමින් හෙවිවේට් ශූරතාව දිනාගත් ලාබාලතම බොක්සිං ක්‍රීඩකයා ලෙස ටයිසන් වාර්තා ගත විය. ටයිසන් WBA,WBC,IBFශූරතා එකවර හිමිකරගත් පළමු හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයා වූ අතර ඔහු 1987 සිට 1990 දක්වා අවිවාදිත ලෝක හෙවිවේට් ශූරයා ලෙස රජකම් කළේය.

1992 දී ටයිසන් ස්ත්‍රී දූෂණයකට වරදකරු වූ ඔහුට වසර හයක සිර දඬුවමක් නියම විය. වසර තුනකට පසු ඔහු නැවත බොක්සින් ක්‍රීඩාව සමඟ එක්වූ ටයිසන් 1996 දී WBA සහ WBC ශූරතා නැවත ලබා ගැනීමට සමත් විය. නමුත් 1997 වසරේදී හොලිෆීල්ඩ්ගේ කන සපා කෑම නිසා ටයිසන් නුසුදුස්සකු වීමත් සමඟ ඔවුන්ගේ 1997 නැවත තරගය අවසන් විය. 2002 වසරේද ලෝක හෙවිවේට් ශූරතාවය වෙනුවෙන කළ සටනද ලෙනොක්ස් ලුවිස් හමුවේ පරාජය විය.

ටයිසන් හෙවිවේට් ඉතිහාසයේ අමාරුම පහර දෙන්නන්ගේ ලයිස්තුවේ මුල්තැන් ගෙන සිටින අතර ඔහුගේ ආවේගශීලි ප්‍රහාර හේතුවෙන් වෘත්තීය වළල්ලකට පිවිසි දරුණුතම සටන්කාමියා ලෙසද හඳුන්වා තිබේ.

එළඹෙන නොවැම්බර් 15වන දින යු ටියුබ් නිර්මාණකරුවකු වන ජේක් පොල්ගේ අභියෝගය මත ටයිසන් ටෙක්සාස් හි ආර්ලින්ටන් හි පිහිටි AT&T ක්‍රීඩාංගනයේදී බොක්සින් වළල්ලට පැමිණීමට නියමිත වේ. මෙය සටන ලොව පුරා සිටින මයික් ටයිසන්ගේ රසිකයන්ට සජීවීව Netflix හරහා නැරඹීමට හැකිවන අතර අපිත් අයන් මයික්ට සුබ පතමු !

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan