අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන 1400 හරියාකාරව සංවර්ධන කටයුතු සඳහා යොමුකර ගැනීමට හැකිවුවහොත් ආර්ථික වර්ධනය තවත් සියයට දෙකකින් හෝ තුනකින් ඉහළ නැංවීමට හැකිවනු ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

“අපි ආරම්භ කරන ව්‍යාපෘති සියල්ලක්ම නිෂ්පාදන ආර්ථිකයක් අරමුණු කරගෙන තමයි පටන් ගන්නෙ. ඒ හින්දා විමධ්‍යගත මුදල් වෙන්න පුළුවන්, වෙන අරමුදල් වෙන්න පුළුවන් අපි ෆෝකස් කරන්නෙම ආර්ථික සංවර්ධනයට. නිෂ්පාදන ආර්ථිකයක්. අපේ රටේ දැන් අභියෝගය තියෙන්නෙ ආර්ථිකය. අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. දැන් අපි ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය අපි අපේක්ෂිත මට්ටමට ගෙනල්ලා තියෙනවා. මේක පවත්වාගෙන යන්න ඕනෙ. ඒ හින්දා නිෂ්පාදන ආර්ථිකයක් ඕනෙ. ඒ වෙනුවෙන් තමයි අපි අරමුදල් යොදවන්නෙ. අපේ රටේ ඉන්න ලොකුම ආයෝජකයා රජය. මේ අයවැයෙන් වෙන්කරලා තියෙනවා රුපියල් බිලියන 1400 ක්. මේක හරි විදියට සංවර්ධන කටයුතු සඳහා යොමු වුණොත් රටේ ආර්ථිකය 2% – 3% කින් වර්ධනය වෙන්න බලපානවා”

සුසිල් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...

ඔබගේ ගෙළෙහි සුවඳ විලවුන් තැවරීම අවදානම්ද ?

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : වර්තමානයේ කතාබහට ලක්වන බෙල්ලේ...