HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW:

ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන් පැවති “හොන්ඩා” කුසලානය – MCA “G” 25 ඕවර් ඩිවිෂන් ලීග් තරඟාවලියේ 2025 අවසන් මහා තරඟයේදී Access සමූහය ලකුණු 152 කින් පරාජය කරමින්, HNB ඇෂුවරන්ස් සමූහය, ජුනි 21 වන දින MCA පිටියේදී ඔවුන්ගේ මංගල වෙළඳ සේවා ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේය.14 වන වරට පැවති මෙවර තරගාවලියේ අවසාන තරගයේදී HNB ඇෂුවරන්ස් ආරම්භක පිතිකරු දසුන් මධුරංග අබේවර්ධනගේ (පන්දු 58 කදී ලකුණු 118, හයේ පහර 13 ක් සහ හතරේ පහර 06 ක් ඇතුළුව) බලගතු ශතකයක් සහ ආරම්භක පන්දු යවන්නා වන චමිල කිත්මාල් වික්‍රමරත්නගේ (ඕවර 05, ලකුණු 08, කඩුලු 04) පන්දු යැවීමත් දුලාංගන ප්‍රභාත් විජේසිංහගේ නායකත්වයෙන් HNB ඇෂුවරන්ස් කණ්ඩායමට ජයග්‍රහණය උදා කරන්නට බෙහෙවින් දායක විය.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් HNB ඇෂුවරන්ස් සමූහය ඕවර 25 කදී කඩුලු 6 කට ලකුණු 229 ක් රැස් කළ අතර, ශතක ලාභියා, දසුන් මධුරංග අබේවර්ධන සහ ලිනාල් සුබසිංහ (පන්දු 56 කදී ලකුණු 50 ක්, හයේ පහර 04 ක් සහ හතරේ පහරක් ඇතුළුව) වෙතින් දෙවන කඩුල්ල සඳහා පන්දු 98 කදී ලකුණු 165 ක දැවන්ත සම්බන්ධතාවයක් ගොඩනැගුණි.

ඕවර 25 කදී ලකුණු 230 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Access සමූහයට ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගන්නට කිසි විටෙකත් ඉලක්කයක් නොඳුන් HNB ඇෂුවරන්ස්,ඔවුන්ව ඕවර 17.5 කදී ලකුණු 77 කට ලකුණු 77 කට දවා ගැනීමට සමත් විය.
MCA විසින් පත් කරන ලද තරඟ තීරක අජිත් වසන්ත, HNB ඇෂුවරන්ස් සමූහයේ දසුන් මධුරංග අබේවර්ධන ඔහුගේ තරඟයේ වීරයා ලෙස නම් කිරීමට කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කළේය
අර්ධ අවසන් තරග දක්වා වූ දක්ෂතා මත පදනම්ව, අනෙකුත් විශේෂ සම්මාන 03 හිමි විය.ඒ අනුව හොඳම පන්දු යවන්නා / නලින්ද මද්දුමගේ ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (DSI) හොඳම පිතිකරු / චමත් යටවර JF&I සහ තරගමාලාවේ වීරයා / දුලාංජන ප්‍රභාත් විජේසිංහ HNB ඇෂුවරන්ස් ලෙස සම්මානයට පාත්‍ර විය.


ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ මෝටර් සයිකල් සහ බලශක්ති නිෂ්පාදන සාමාන්‍යාධිකාරී කපිල ගුණතිලක සහ පරිපාලන සාමාන්‍යාධිකාරී දමිතා ජයසුන්දර සහ MCA නිලධාරීන් විසින් සම්මාන ප්‍රදානය කරන ලදී. සභාපති මහේෂ් ද අල්විස්, තරඟාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා සහ තරඟාවලි කමිටුවේ ලේකම් ප්‍රමොද් ප්‍රනාන්දු යන මහත්වරුන් සම්මාන ප්‍රදානයට එක් විය.
ලකුණු පූවරුව
HNB ඇෂුවරන්ස් කණ්ඩායම – ඕවර 25කදී කඩුලු 6කට 229 (දසුන් මධුරංග අබේවර්ධන 118, ලිනල් සුබසිංහ 50, දුලංජන ප්‍රභාත් විජේසිංහ 36, චරිත් සුදාරක 2/34)
Access කණ්ඩායම – ඕවර 17.5කදී සියලු දෙනා දැවී 77 (උමාර් ඉම්රාන් 25, චමෝද් පියුමාල් 2/11, චාමික කිත්මාල් වික්‍රමරත්න 4/8, ඉසුරු සම්පත් 2/11)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...